ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කැස්බෑව අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

ධර්ම ශ්‍රී කාරියවසම් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා අමාත්‍යවරයාට අපහාස වන පරිදි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධයක් භාවිතයේ දී ඇති වූ බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් පසුගිය දා චෝදනා එල්ල කොට තිබුණි.

එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ධර්ම ශ්‍රී කාරියවසම් වෙත එන්තරවාසියක් යවා තිබුණ ද එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ධර්ම ශ්‍රී කාරියවසම්ගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබුණි.

නමුත් එන්තරවාසියේ දක්වා තිබූ පරිද්දෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා ධර්ම ශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේදී නඩුව ගොණු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...