ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW:


පෙබරවාරි 11 වන දා ඇරඹෙන ආසියානු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්නට අනුෂ්කා සංජීවනිගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කරන්නට තේරීම් කමිටුව ක්‍රියා කර තිබෙනවා.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උප නායිකාව ලෙස ඉකුත් තරගාවලියට පෙර තරගාවලිය දක්වාම කටයුතු කළ අනුෂ්කා සංජීවනී ගේ උප නායිකාව ලෙස නම් කර ඇත්තේ ද තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන හංසිමා කරුණාරත්නයි.


මෙම තරගාවලියේදී කණ්ඩායම් අටක් තරගාවලය නියෝජනය කරන අතර ශ්‍රී ලංකාව බී කාණඩයෙන් මූලික තරග සඳහා මුහුණ දෙන්නේ බංගලාදේශය,මැලේසියාව සහ තායිලන්තය සමඟයි.ඒ කාණ්ඩයෙන් ඉන්දියාව,පකිස්තානය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය තරග වඳිනවා.ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරගය බංගලාදේශය සමඟ පෙබරවාරි 14 දා පැවත්වෙනවා.


අනුෂ්කාගේ නායකත්වයෙන් සහ හංසිමාගේ උප නායකත්වයෙන් තරඟ වදින සමස්ත ශ්‍රී ලංකා සංචිතය ඒ දෙදෙනොද ඇතුළුව පහත දැක්වෙනවා.

  1. අනුෂ්කා සංජීවනී – නායිකාව
  2. හංසිමා කරුණාරත්න – උප නායිකාව
  3. ශයනි සේනාරත්න
  4. චේතනා විමුක්ති
  5. සත්‍යා සංදීපනී
  6. සචිනි නිසංසලා
  7. රශ්මි සිල්වා
  8. අමා කාංචනා
  9. මිතාලි අයෝධ්‍යා
  10. ශෂිනි ගිම්හානි
  11. මල්ෂා ෂෙහානි
  12. සංජනා කාවින්දි
  13. ලිහිණි අප්සරා
  14. නෙත්මි සේනාරත්න
  15. යසන්ති හේරත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...