කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

Date:

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත් සභා මැතිවරණයද පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

”ආණ්ඩුව හිතනව නම් විපක්ෂය මර්දනය කරලා මහා සංඝරත්නය මර්ධනය කරලා මේ රටේ සංස්කෘතිය විනාශ කරලා ඩයස්පෝරාවට ඕන විදියට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දු තීරණ අරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව වැරදියි. අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

”අපිට මතකයි මේ ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිවරයා එදා කියනවා සමහර නිලධාරීන් ෆයිල් හංගගෙන හිටියා මේ ජනාධිපතිවරයාගේ බලයට පැමිණීම සහ ඔවුන්ගේ ආණ්ඩුවක් හදනකන් මේ පරීක්ෂණ කටයුතු වලට සාධාරණයක් කරන්න. ඒ පරීක්ෂණ කටයුතු සාර්ථකව කරන්න ඕන කියල. ඒ ෆයිල් හංගපු අයගෙන් තමයි අහන්න ඕන. අර කැබ් එක මතකයිනේ,ඒක පිටිපස්සේ ෆයිල් මිටි ගණන් ගෙනාවා. ඉතින් කැබ් එක එලවපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ මොකක්ද ෆයිල්වලට උනේ කියලා. තමන් සල්ලිවලට බොරු කියලා ඒ බොරු ඇත්ත කරන්න මේ රටේ පොලීසිය පාවිච්චි කරනවා. දූෂණ මර්දන කමිටුවක් කියලා ඒ කාලේ දාලා ඒකේ හිටපු ලේකම් අද පොලිස් ඇමති කරලා. උපරිම කඩේ යන පුද්ගලයෙක් පොලිස්පතිවරයා බවට පත් කරගෙන ඒ පොලිස්පතිවරයාට තමන්ගේම බොරු ටික ඔප්පු කරන්න කියලා බලපෑම් කරලා අද ඒක ඔප්පු කරගන්න බැරිනකොට දැන් එක එක ඒවා මිසින් කියනවා. මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බලන්නකෝ මහා සංඝරත්නයට සලකන විදිය, ත්‍රිකුණාමලය ස්වාමීන්වහන්සේ බුදුපිළිම තැන්පත් කිරීම සම්බන්ධව එක වෙලාවක කිව්වා බුදු පිළිමය ආරක්ෂා කරන්න පොලීසියට වැඩමෙව්වා කියලා, බුදුපිළිමය ආරක්ෂා කරන්න ආපුු හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා. මේක තමයි මේ අය මේ රටේ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට එක පැත්තකින් හාමුදුරුවන්ට අපහාස කරනවා තව පැත්තකින් ආගමික නායකයන්ට අපහාස කරනවා දේශපාලන පක්ෂ විවේචනය කරනවා. ඒ ඔක්කොම බැරිවෙලා ෆේල් වේගෙන යනකොට දැන් ඊළඟට කියනවා ඉතින් මේ ෆයිල්වල මේක නැහැ කියලා අරක නැහැ කියලා නහයෙන් අඩනවා. ඉතින් අර ජනාධිපතිතුමා කෙදිරි ගන්න එපා කියලා තියෙන්නේ මේ අයටමයටම තමයි. අපි ප්‍රශ්නවලටම බය නෑ. මොකද ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක් අපි ප්‍රශ්නවලින් අයින් වෙන අය නෙවෙයි” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

පෙබරවාරි 11 වන දා ඇරඹෙන ආසියානු නැගී එන කණ්ඩායම්...

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...