ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW :

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේ සඳහා බස් රථ 10ක් මිලදී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමා ඇති අතර,එළැඹෙන 15 වැනි දින වන විට එම බස් රථ මෙරටට ලැබීමට නියමිතය.

එම බස් රථ ධාවනය සහ නඩත්තු සඳහා අවශ්‍ය වන භෞතික යටිතල පහසුකම් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇති බැවින් එම බස් රථ ප්‍රවාහනය නවීකරණය සඳහා වන මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස් රථ 100ක් කොළඹ නාගරික ප්‍රදේශය තුළ මගී ප්‍රවාහනය සඳහා යෙදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ ජූලි 21 වැනි දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිත කර ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමගාම වෙත අදාළ බස් රථ 10 පවරා දීමට නියමිතය.

ඒ අනුව එම බස් රථ සහ ඒවායේ මෙහෙයුම් කටයුතු එම සමාගම යටතේ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...