*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

බෝ නොවන රෝගවලින් මිදෙමු – වෛද්‍ය සමන්ත සෙනවිරත්න

මොනවද මේ බෝ නොවන රෝග ?

රෝගීයෙකුගෙන් තවත් කෙනෙකුට සෘජුවම සම්ප්‍රේෂණය නොවන රෝග බෝ නොවන රෝග ලෙස හඳුන්වනු ලැබේ. බෝ නොවන රෝග කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ලෙස වෙන් කර දැක්විය හැක. දීර්ඝ කාලීන හෙවත් නිදන්ගත බෝ නොවන රෝග වන්නේ හෘද රෝග, දියවැඩියාව, පිළිකා, ඇදුම සහ නිදන්ගත වකුගඩු රෝගයි. කෙටි කාලීන හෙවත් ක්ෂණික බෝ නොවන රෝග වන්නේ මාර්ග අනතුරු, විශාදය, පිළිස්සීම් ආදිය වේ.

මෙම ලිපිය මඟින් අවධානයට යොමු කරන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් මරණවලට ගොදුරු වන නිදන්ගත බෝ නොවන රෝග පිළිබඳවයි. අඩු සහ මධ්‍ය ආදායම් ලැබෙන ශ්‍රී ලංකාව වැනි රටවල්වල මෙම නිදන්ගත බෝ නොවන රෝග වල ප්‍රවණතාවය වර්ධනය වෙමින් පවතී. මේ සඳහා හේතු වන්නේ

  1. ජීවන රටාව වෙනස් වීම – රැකියාව, ගමනාගමනය, ආහාර රටාව, මත්පැන් දුම්වැටි ආදිය
  2. ජනගහණ සංක්‍රාන්තිය
  3. නාගරීකරණය
  4. දෘෂ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය මඟින් ඇති වූ බලපෑම ආදියයි.

මෙවැනි බෝ නොවන රෝග වැළඳීමේ අවදානමක් ඔබටත් තිබේද?

බෝ නොවන රෝග වැළඳීමේ අවදානම් සාධක වලින් ඇතැම් සාධක වෙනස් කළ නොහැකි ඒවායි. ඒවාට අයත් වන්නේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජානමය සාධකයි. තවත් සමහර සාධක වෙනස් කළ හැකි ඒවායි. එනම් දුම්පානය, දුම්කොළ භාවිතය, මත්පැන් භාවිතය, අහිතකර ආහාර පුරුදු, මානසික ආතතිය, ශාරීරික ක්‍රියාශීලී අඩුකම, ස්ථූලතාවය වැනි සාධකයි. එසේම රුධිරයේ සීනි මට්ටම වැඩි වීම, අධික රුධිර පීඩනය සහ රුධිරයේ මේද සංයුතිය වෙනස්වීම ආදිය ආඝාතය සහ හෘදයාබාධ වැනි වෙනත් බෝ නොවන රෝග වැළඳීමේ අවදානමද වැඩි කරයි.

ඔබේ බර වැඩිද ?

මෙය ඔබටම මැන බලන්න පුළුවන්. ඒ සඳහා ඔබේ බර සහ උස මැනගත යුතුයි. ඉන්පසු ඔබගේ “ශරීර ස්කන්ධ දර්ශකය“ (BMI) ගණනය කළ හැකියි.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) = බර (kg)
___
උස (m) × උස (m)

BMI අගය 18.5ට අඩුනම් ඔබගේ බර ප්‍රමාණවත් නැත. 18.5-24.9ත් අතරනම් ඔබගේ බර ප්‍රමාණවත්ය. එය 25-29.9 ත් අතරනම් අධික බර වන අතර 30 හෝ ඊට වැඩිනම් ඔබ සථූලතාවයෙන් පෙළෙයි.

ඉනේ වට ප්‍රමාණය මැනීමෙන්ද සථූලතාවය හඳුනාගත හැක. මේ සඳහා උදරය සැහැල්ලුවෙන් ඇතිවිට නාභිය හරහා ඉනේ වට ප්‍රමාණය මැනගත යුතුයි. පිරිමි අය සඳහා මෙම අගය සෙ.මී. 90ට වඩා අඩු විය යුතු අතර ගැහැණු අය සඳහා සෙ.මී. 80ට වඩා අඩු විය යුතුය.

ඔබේ බර අඩු කර ගන්නේ කොහොමද ?

මේ සඳහා පහසුවෙන් කළ හැකි වන්නේ

1- ජීවන රටාව වෙනස් කිරීමෙන්
2- ආහාර පාලනය මගින්
3- ව්‍යායාම කිරීමෙන්

එසේම

4- ඖෂධ මගින්
5- ශල්‍යකර්ම මගින් ද බර අඩු කර ගන්න පුළුවන්.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට පුරුදු වෙමු.

බෝ නොවන රෝග වළක්වා ගැනීමට ක්‍රියාශීලී ජීවිතයකට පුරුදුවීම වැදගත්ය. එමෙන්ම ශරීරයේ බර පාලනය වීම, හැඩැති රුවක් ලැබීම, මානසික සුවය ලැබීම ඉන් ලැබෙන තවත් වාසි වේ. එදිනදා කාර්යයන් සඳහා පයින් ගමන් කිරීම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතා කිරීම, ගෙවතු වගාව, විදුලි උපකරණ භාවිතා නොකර ගෙදරදොරේ වැඩ කටයුතු සිදු කිරීම ආදිය මඟින් ක්‍රියාශීලී ජීවිතයකට පුරුදුවිය හැක. තවද ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම, කඳු නැඟීම වැනි ක්‍රියාකාරකම් අමතරව සිදු කළ හැක. මුලින්ම සරල ක්‍රියාකාරකම් වලින් ආරම්භ කර පසුව වෙහෙසක් දැරිය යුතු දේ වෙත යොමු වන්න.

හැමදාම ව්‍යායාම කරමු.

ගේදොර වැඩ කටයුතු වගේම විනෝදාංශ ලෙස ක්‍රීඩාවල යෙදීම, කඳු නැඟීම, බයිසිකල් පැදීම වැනි කටයුතුවල යෙදිය හැක. තවද ශ්වායු ව්‍යායාම, යෝග ව්‍යායාම, බර එසවීමේ ව්‍යායාම සහ කාය වර්ධන ව්‍යායාමවලද යෙදිය හැකිය. දිනපතා පැය බාගයක්වත් ව්‍යායාමවල යෙදීම බෝ නොවන රෝග වැළඳීමේ අවදානම අඩු කරයි.

ආහාර පාලනයට පුරුදු වෙමු.

සැමවිටම සමබල ආහාර වේලක් ගැනීම ඉතා වැදගත්ය. අහාර වේලක පිඟානෙන් බාගයකට (1/2) පිෂ්ඨය සහිත ආහාර එකතු කර ගන්න. තුනෙන් පංගුවකට (1/3) එළවළු සහ පලා වර්ග එකතු කර ගන්න. ඉතිරි කොටසට (1/6) ප්‍රෝටීන අඩංගු ආහාර එකතු කර ගන්න. කෑමට පසු පිරිසිදු ජලය සහ පළතුරු ලබා ගන්න.

සීනි භාවිතය අඩු කරමු. – අධික සීනි මට්ටම රුධිර නාලවලට හානි කර මොළය, හෘදය, ඇස් සහ වකුගඩු ආදිය දුර්වල කරන අතර වැඩි සීනි ප්‍රමාණය තෙල් බවට හැරී තරබාරුව දියවැඩියාව, හෘදයාබාධ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි කරයි. පැණිබීම සහ අධික සීනි ප්‍රමාණයක් සහිත අතුරුපස ආදිය භාවිතය හැකිතාක් අඩු කළ යුතුය. බීම වර්ග මිලදී ගැනීමේදී සීනි ප්‍රමාණය පෙන්වන වර්ණ සටහන බලන්න.

ලුණු භාවිතය අඩු කරමු. – ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය අවශ්‍ය පමණට වඩා වැඩි වූ විට අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වැඩි වේ. වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය තේ හැඳි එකකි. ලුණු අධික සකස් කළ ආහාර ගැනීමද අවම කළ යුතුය.

තෙල් භාවිතය අඩු කරමු. – කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍ය සංඝවකයක් වුවත් වැඩිපුර ගන්නා කොලෙස්ටරෝල් රුධිරවාහිනීවල තැන්පත් වී ඒවා අවහිර කර හෘදයාබාධ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි කරයි. මාගරින්, බටර්, චීස්, බැදුම් ආහාර, බර්ගර්, බදින ලද අල පෙති, ඌරු මස්, සම සහිත කුකුල් මස්, කේක් සහ බිස්කට් ආදියේ අහිතකර තෙල් වර්ග බහුලව අඩංගු වේ. ඉතා අහිතකර තෙල් වර්ගයක් වන ට්‍රාන්ස් අම්ල මඟින් පිළිකා සෑදීමේ අවදානමද වැඩිවේ. ආහාර ගැනීමේදී තෙල් සහිත ආහාර සීමා කළ යුතු අතර ක්ෂණික ආහාර වෙනුවට කැඳ වර්ග ධාන්‍ය ආදියට පුරුදු වෙමු.

එසේම නිරෝගී ජීවිතයක් ගත කිරීමට යහපත් ජීවන පැවැත්මත් වැදගත්. දුම් පානයෙන් සහ මත්පැන් පානයෙන් වළකින්න. මුඛ පිළිකා ඇති කරන නිසා බුලත්විට සැපීමෙන් වළකින්න. මානසික ආතතියෙන් තොර සැහැල්ලු ජීවිතයක් ගත කරන්න.

බෝ නොවන රෝග පිළිබඳ වැඩිදුර විස්තර සහ අවශ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි හමුවන්න.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan