මරණයට අභියෝග කළ ආදරණීය ” ආයා “

Date:

පසුගිය සඳුදා දිනයේ ලොවම හෙල්ලී ගිය තුර්කියේ සහ සිරියාවේ ඇතිවූ භූමිකම්පාව අතරතුර හුවමාරුවූ වීඩියෝ අතර තිබූ පුංචි බිළිඳියක් උපත ලැබූ වීඩියෝව දහස් ගණනකගේ දෙනෙත් තෙත් කළ අතර, එම කණගාටුදායක සිදුවීම මේ වනවිට මහත් කතාබහට ලක්ව ඇත. සුන්බුන් යට උපත ලැබූ මෙම බිළිඳිය සහන සේවකයෙකු සිය අතට ගෙන ඉදිරියට දිව එන්නේ ඇය, ඇගේ මවගේ මව් කුසට සම්බන්ධ වූ පෙකණිවැලද සමඟයි. එම බිළිදිය මේ වනවිට සුව අතට පත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

මෙම බිළිඳිය ලොව පුරා දැඩි කතාබහක් මතුකර තිබෙන්නේ, ඇයව හදාවඩා ගැනීම සඳහා ලොව පුරා ලක්ෂ ගණනක් ඉදිරිපත්වීමත් සමඟයි. ඒ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, රූපවාහිණී නිවේදිකාවන් මෙන්ම වෛද්‍යවරුන්ද ඇතුළු විශාල පිරිසකගේ අවධානය දිනා ගැනීමට මෙම බිළිඳියගේ පුවත ලොව පුරා දිවගොස් හමාරය.

ඉකුත් සඳුදා ඇතිවූ දරුණු භූ කම්පනයෙන් පසු වයඹදිග සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට මෙම බිළිඳිය උපත ලැබුවා. ඇයට නම් තබා ඇත්තේ ආයා ලෙසයි. එහි අරාබි අර්ථය වන්නේ “ආශ්චර්ය” යන්නයි. භූ කම්පනයෙන් ඇගේ මව පියා සහ සහෝදර සහෝදරියන් සිව්දෙනා මියගියා. ඇය බේරාගන්නා අවස්ථාවේත් සීරීම්, තැලීම් සහ අධික සීතලෙන් පසුවුණා. නමුත් ලෝකයම ආදරය දිනාගෙන ජීවත් වෙන්නට මේ මල් කැකුළ ඉතිරි කර ඇගේ ආදරණීයයන් මෙලොව හැර ගොස් බව ඇය තවමත් නොදන්නීය.

ඇය පිළිබඳ තොරතුරු ලොව පුරා සැරිසරද්දී පුංචි ආයා හෙවත් භූ කම්පනයෙන් උපන් ආශ්චර්‍යක් වූ මෙම දූ සිඟිත්තිව ආදරයෙන් රැක බලා ගැනීමට ඇය දැනට ප්‍රතිකාර ලබන රෝහල් වෛද්‍යවරුන්ට මෙන්ම ඇයගේ ඥාතීන්ට මේ වන විට දිනපතාම දහස් ගණනින් ඇමතුම් ගලා එන බව විදෙස් මාධ්‍ය පවසයි.

ආයාගේ දිවි ගලවා ගැනීමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය දැඩි වෙහෙසක් ගත් අතර ආයා මේ වනවිට සිටින්නේද රෝහලේ වන අතර ඇය රැකබලාගත් ළමා රෝග විශෙෂඥ වෛද්‍ය හනී මාරුෆ් පවසන්නේ ඇයගේ තත්ත්වය දැන් ස්ථාවර මට්ටමක පැමිණ ඇති බවයි.

දස දහස් ගණන් එක් නිමේෂයක අවසන් හුස්ම පොද වාතලයට මුසුවූ මෙම ඛේදවාචකයෙන් මරණය පෙනි පෙනී මරණයට අභියෝගයක් වූ ආදරණීය ආයා ඔබ ඇතුළු දිවි බේරා ගත් සියල්ලන්ම ඉක්මනින් සුවපත් වේවා…සියුම් වේදනාවක්වත් නොදැනේවා….!!!

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය