*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

Mitsubishi මෙරටින් යයි…

2023 මාර්තු 31 දින වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇති බව ඔවුන් පවසයි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ ද වැදගත් කාර්යභාරයක් ඉටු කළ Mitsubishi Corporation, මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවකම ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. Mitsubishi Corporation හි ශ්‍රී ලංකා කාර්යාලය එම සමාගමේ පළමු විදෙස් කාර්යලවලින් එකක් බව කිව යුතුය.

Mitsubishi Corporation හි ව්‍යාපාර විශාල පරාසයක් තුළ ක්ෂේත්‍ර ගණනාවක පවත්වාගෙන ගිය ආයතයකි. ඒවා ලෙස,

◾Industry
◾Natural Gas
◾Industrial Materials
◾Petroleum & Chemicals Solution
◾Mineral Resources
◾Industrial Infrastructure
◾Automotive & Mobility
◾Food Industry
◾Consumer Industry
◾Power Solution
◾Urban Development

ශ්‍රී ලංකාවේ අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්ම සහ විදේශ ණය පැහැර හැරීම වැනි දෑ මෙම සමාගමේ මෙහෙයුම් අවසන් කිරීමට බලපා ඇත.

Mitsubishi Corporation මෙරට ක්‍රියාත්මක වූ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අරමුදල් සපයන ප්‍රධාන පෙළේ ජපාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයකම ප්‍රධාන හවුල්කරුවා වූ අතර ජපානය විසින් යෝජනා කරන ලද ව්‍යාපෘති වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ LNG බලාගාර ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් පසුගිය කාලයේ දී අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර හොඳහිත පළුදු වීමට හේතුවී ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් වන තෙක් ජයිකා සංවිධානය විසින් ලබා දුන් ණය මත මෙරට තුළ ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 12 ක වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan