තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාව සිදු වී සිව්වන දිනය වන විට මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවයි.

Date:

සිරියාවට හා තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවකින් සහ එහි පසු කම්පනවලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.


ඒ අනුව තුර්කියේ අවම වශයෙන් මරණ 17,674 ක් වාර්තා වී ඇති අතර සිරියාවේ පුද්ගලයින් 3,317 ක් මියගොස් ඇති බව වාර්තා වේ. ගලවා ගැනීමේ කටයුත් සිදු වෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත.

තුර්කියේ සුන්බුන් වලින් 8,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර 380,000 ක් පමණ රජයේ නවාතැන් හෝ හෝටල්වල් වල සරණාගතව සිටින බව බලධාරීහු පවසා තිබේ.

තුර්කි බලධාරීන් පවසන්නේ බටහිරින් අඩානා සිට නැගෙනහිරින් දියර්බකීර් දක්වා දළ වශයෙන් කිලෝමීටර 450 (සැතපුම් 280) සහ උතුරේ මලටියා සිට දකුණේ හැටේ දක්වා කිලෝමීටර් 300 (සැතපුම් 186) දක්වා විහිදෙන ප්‍රදේශයක මිලියන 13.5 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි. තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) Kahramanmaras, Gaziantep, Sanliurfa, Diyarbakir, Adana, Adiyaman, Malatya, Osmaniye, Hatay සහ Kilis ලෙස මෙතෙක් බලපෑමට ලක් වූ ප්‍රදේශ ලැයිස්තුගත කර ඇති අතර තුර්කිය භූමිකම්පාවෙන් පීඩාවට පත් පළාත් 10 ක මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අඟහරුවාදා, තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan පැවසුවේ රටවල් 70 ක් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා උදව් ලබා දී ඇති බවත්, බලපෑමට ලක් වූ පුද්ගලයින් තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා බටහිරින් පිහිටි Antalya හි සංචාරක මධ්‍යස්ථානයේ හෝටල් විවෘත කිරීමට තුර්කිය සැලසුම් කර ඇති බවයි. මේ වන විට දිවි ගලවා ගත් අය සඳහා රුධිරය, ඇඳුම් පැළඳුම් සහ ආහාර පරිත්‍යාග කිරීමට මිනිසුන් ඉක්මන් වී තිබේ.

සිරියාවේ මානුෂීය ආධාර සංවිධාන පවසා තිබුණේ මිලියන 4.1 ක පමණ පිරිසකට ආධාර අවශ්‍ය ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සිරියාවේ ප්‍රකාශක Adnan Hazem මාධ්‍ය වෙත පවසා තිබුණේ මිනිසුන් කම්පනයට පත්ව සිටින බවත් ඔවුන් අසරණව සිටින බවත්ය.

සිරියාවේ Aleppo, Idlib, Hama සහ Latakia යන පළාත්වල දේශසීමා හරහා දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව ඇති අතර භූමිකම්පාවලින් පීඩාවට පත් වූ ප්‍රදේශ රජය විසින් පාලනය කරන ලද භූමි ප්‍රදේශය සහ රුසියානු පිටුබලය ලබන රජයේ හමුදා විසින් පාලනය කරන භූමි ඇතුලත් වේ. ඊයේ(09)දිනය වන විට වාර්තා වී තිබුණේ මානුෂීය ආධාර ට්‍රක් රථ හයක් බාබ් අල්-හවා හරස් මාර්ගය හරහා ගමන් කරන බවත් මාර්ග කැඩී බිඳීයාම හා සංවිධානත්වයේ දුෂ්කරතා හේතුවෙන් තත්වය අසීරු වී ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...