සමාජ මාධ්‍ය ජාල ව්‍යසනයක්. වහාම අලුත් නීති පනවන්න ඕනෑ – නිමල් සිරිපාල (VIDEO)

Date:

සමාජ මාධ්‍ය ජාල නිසා රටේ සිදුවන සංස්කෘතික, ජාතික සහ සමාජ ව්‍යසනයන් පිළිබඳ මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

“අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසනය පිළිබඳව මීට වඩා සැලකිල්ලක් අපි දක්වන්නට ඕනෙ. අද සමාජ මාධ්‍ය ජාල … දැන් ටික් ටොක් කියලා තියෙනවා. දැන් බලන්න විශේෂයෙන්ම මේ ළඟදි විශේෂ වාර්තා කිහිපයක්ම පළවෙලා තියෙනවා. ටීනේජ් බෝයි ඉන් ශ්‍රී ලංකා ස්ටැබ්ඩ් ටු ඩෙත් ඕවර් ටික් ටොක් වීඩියෝ. මේ විදිහට අද සමාජ මාධ්‍ය ජාලා තුළින් ඇතිවෙලා තියෙන මේ ව්‍යසනය පිළිබඳව වහාම අපි අලුත් නීති – මං කියන්නෙ නෑ සමාජ මාධ්‍ය ජාලා තහනම් කළ යුතුයි කියලා – නමුත් මේවා නියාමනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කාලය පැමිණ තිබෙනවා”

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...