ඇමෙරිකානු ධජය යටතේ ලෝකය දිනන ලංකාවේ පුංචි කෙල්ල

Date:

ක්‍රීඩාව ලේවල තියෙනවා කියන එක සෙල්ලමක් නෙමෙයි.ඒ විද්‍යාත්මක ඇත්ත හැබැයි යථාර්තයක් වෙන්නෙ ඒ වෙනුවෙන් කරන කැපවීම සහ වෙහෙස නිසයි.

මේ කතා කරන්න හදන්නෙ ලෝකය හොල්ලපු වීරවරියක් ගැන නෙමෙයි.ලෝකය හොල්ලන්න ඉඩ ඇති වීරවරියක් ගැන.අය නමින් ටාෂියා පියදාස.නමින් පියදාස වුණාම හිතුවද ලංකාවෙ කියලා.නැහැ ඇය ඇමෙරිකාවේ.ඇයගේ වාසනාවට ඇයගේ දෙමව්පියන්ගේ දක්ෂතාවලට හරි තැනක් සැළකිල්ලක් සහ මාවතක් නොමැති තැන ඔවුන් මෙරටින් නික්ම ඇමෙරිකාවට යනවා

කවුද ඇයගේ දෙමව්පියෝ?

තිළිණ පියදාස.හිටපු ජාතික මේස පන්දු සූරයෙක්.අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් ජය ගත් අයෙක්.මව රිෆ්කා කමීල්.ඇය තමයි ජාතික මේස පන්දු කණ්ඩායමකට නායකත්වය දුන් මුස්ලිම් සම්භවයක් ඇති පළමු ක්‍රීඩිකාව.හැබැයි දෙන්නම ආදරය ආගමක් කර ගත්තම මනුස්සකමේ පළල තේරුම් අර ගන්නවා.ඒ දැණුම අවබෝධය ඇති පවුල් පසුබිමක හැඳුණු වැඩුණු තිළිණ සහ රිෆ්කාගේ ඇමෙරිකානු ජීවිතයට මේස පන්දු ආයෙත් කාන්දු කරන්නෙ ටාෂියා.අද ඒකට ඇයගේ නංගි ටියානාත් එකතු වෙලා.ඔවුන් දෙන්නම ඇමෙරිකාව නියෝජනය කරන්නට තරම් දක්ෂයි.

ටාෂියා දෙස මේ වෙලාවෙ මේස පන්දු ලෝකයම මතු බලාපොරොත්තු සහිතව දෑස් දල්වා බලා සිටිනවා.ඇය ලෝක මේස පන්දු සම්මේලනය විසින් නම් කරන ලද මතු බලාපොරොත්තු සපිරි මේස පන්දු කැකළු අතර 8 වන තැන සිටිනවා.ඇමෙරිකානු තවත් ක්‍රීඩිකාවක් වන මැන්ඩි යූ හය වන තැන සිටින අතර මේ නාම ලේඛණයේ බොහෝ ක්‍රීඩිකාවන් හා සසඳද්දි ඇය ඔවුන්ට වඩා වයසෙන් කුඩා වීම වැදගත්.

දක්ෂයන්ට නිසි තැන සහ එතැනට එන්නට පාර සැකසෙන බාධාවන් නොමැති තත්ත්වයක ටාෂියා තිළිණට සහ රිෆ්කාට නොලැබුණු බොහෝ දේ ලබනු ඇති.ඇය පමණක් නොවෙයි ටියානාත් එවැනිම වාසනාවන්ත පසුබිමක ජීවත්වෙන්නෙ.මේ වගෙ වෙලාවක ක්‍රීඩාව කියන්නෙ ලෝකයක්.රටක් තරමට ලෝකය කුඩා වී දක්ෂතාවය ලෝකයට අයිති වටපිටාවක ටාෂියා ඒ කුඩා ලෝකයේ තිබූ විශාල ලෝකයේ දක්ෂයෙක් වීමටත් වඩා අපහසු තරගකාරීත්වය හමුවේ පෙරට පැමිණෙන ආකාරය විශිෂ්ඨයි.

එහෙම දේ දැක්කම පෘතග්ජන සිතුවිලිවලින් කෑල්ලක එල්ලිලා ඒවාට නෑකම් කියන අපේ හිත්වලට අපේ කියලා සැනසෙන්න පුළුවන් තැනක් ටාෂියා හඳලා තියෙනවා.ඒකට ස්තූතියි.ඇය ඇමෙරිකානු ධජය යටතේ ලෝකයම දිනන, මීට වඩා පුළුල් වටිනාකමක් තියෙන ජයග්‍රහණ අත් කරගන්න දවසක් එයි.ඒ හැම දවසකම ටාෂියා කියන නම එක්ක දැවටෙන පියදාස අපේකම මතක් කර දෙයි.තිළිණලගේ පිංපොං බෝලය ඇමෙරිකාවෙ මේසයක් දෙපැත්තට යවාගන්න පුළුවන් වුණානම් අපිට ඇමෙරිකාවෙන් ටාෂියාට ඉස්සර වෙලා පියදාස කියන නම ඇහෙන්න ඉඩ තිබුණ කියලත් සිහිපත් කරයි.

කෙහොම හරි ලංකාවෙ පුංචි කෑල්ලක් අල්ලගෙන අපේ කියලා සතුටි වෙන්න ටාෂියා දුන්න අවස්ථාවට ස්තූතිවන්ත වෙන අතරෙම මේ ශ්‍රේණිගත කිරීම්වල මුල් 16 අතරෙ සියලු බාධක අතර සිය නම රඳව ගත්තු නුවර පුංචි කොල්ලෙකුත් ඉන්නවා.ටාෂියාගේ තාත්තා ආවෙත් නුවරින්.පස්සෙ ඊට ඉඩ තබමින් ටාෂියාට ලෝකය ජයගන්න දිරිය සවිය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...