අනුරාධපුරය කියවීම

Date:

“මාළුවාට වතුර අවශ්‍ය කෙසේද දේශපාලනයේදී මිනිසුන් අවශ්‍ය වේ”. මේක ඉතා ප්‍රසිද්ධ කියමනක් වගේම මේක තමා පරම සත්‍යය. කොවිඩ් වසංගතය අපේ රට වෙලා ගත්තට පස්සෙ අපේ රට තුල විවිධ අර්බුද නිර්මාණය වුණා කියන එක දැන් රහසක් නෙමේ.විශේෂයෙන් ඩොලර් හිගකම හින්ද අපි තාමත් අමාරු තත්වයක ඉන්නෙ. මිනිස්සු කන්න නෑ කියල කෑගහනව කියල විපක්ෂය චෝදනා කරනව. පාස්පෝට් පෝලිම් පෙන්නල කියනව මිනිස්සු රට දාල යනව කියල. මේවගේ වෙලාවක විපක්ෂය ගණන් හදනව ඊලග මැතිවරණය දිනන විදිය. කවදත් අභියෝග අභියෝග විදියටම බාර ගන්න මහින්ද රාජපක්ෂ මේ අභියෝගයත් බාරගන්න තීරණය කරන්න ඇති. ඒ වගේම අර මාළුවට වතුර ඕනෙ කියන කථාව මතකයට එන්නත් ඇති. ඒ ඔක්කොම කල්පනා කරල අනුරාධපුරය රැලිය තියන්න තීරණය කරන්නත් ඇති. ඒ වගේම මේක දැවැන්ත අභියෝගයක් කියල හිතන්නත් ඇති.

අපිට මතකයි මහින්ද විපක්ෂයේ ඉන්න කොට සංවිධානය කරපු පාදයාත්‍රාව. යන කට්ටිය වැසිකිලි යන්නෙ කොහොමද කියන අනුර බණ්ඩාරනායකගෙ ප්‍රශ්ණෙට උත්තරය වුණේ මහ මුහුද කියල. ඒ තමා මහින්දගෙ හැටි.අපි දැක්ක ඒකාලෙ තිබ්බ ප්‍රේමදාසගෙ පාලනයට විරුද්ධව මිනිස්සු එකතු වෙච්ච හැටි. මේව ඔක්කොම මහින්දගෙ හිතේ තියෙන්නත් ඇති. කොහොම වුණත් අභියෝගවලට කවදත් මූණ දෙන මහින්ද මියෙම්වා රැකෙම්වා කියල අනුරාධපුර රැලිය සංවිධානය කරපු එක ගැන ස්ථීරයි. විපක්ෂයත් මේක දිහා ඇහැ ගහගෙන හිටිය කියන එක පැහැදිලි වෙන්නෙ ඒගොල්ලො දැන් කෙදිරි ගාන විදිය දැක්කට පස්සෙ. කොටින්ම ඒගොල්ලො කවුරුවත් හිතපු නැති විදියට මේක සාර්ථක වුණා කියන එක තමා තිත්ත ඇත්ත.

කොහොමත් මහින්ද කියන්නෙ අතිදක්ෂ සංවිධායකයෙක් කියල ආපහු ඔප්පු කරපු එක ගැන ඔක්කොම සතුටුවෙද්දි විපක්ෂයෙන් එන බලුකෙදිරිලි ගැන හිතන්නවත් ඕනෙ නෑ කියල තමා අපිට නම් හිතෙන්නෙ. පුරවන්න බෑ කියල ආණ්ඩුවෙ උදවිය පවා හිතපු මොහොතක තිබ්බ මෙ අතිසාර්ථක රැලිය දැකල විපක්ෂයෙ ජනාධිපති හීනයත් දැනටම බිදිල ඇති කියල කාට නැතත් අපිට නම් විශ්වාසයි. කවුරු කොහොම මොනව කිව්වත් ආණ්ඩුවෙ මේ සාර්ථක රැලිය දැකල විපක්ෂය බය වෙලා ඉන්නෙ කියල ඒගොල්ලන්ගෙ ප්‍රතිචාර වලින්ම හිතාගන්න පුළුවන්.

මිනිස්සු බඩ ගැනම හිතන්නෙ නෑ කියල අනුරාධපුරේ රැලියෙන් ඔප්පු කරල ඉවරයි.මේ රැලියෙදි හැමෝම කිව්ව දෙයක් තමා ආණ්ඩුවක් විදියට අළුත් ගමනක් යනව කියන කාරණාව .

ඒක එහෙමම තමා කියල අපිට දැන් දැන් හිතෙනව

Sponsored Article
යූ. ඩී
2022 පෙබරවාරි 10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...