ජනවරම ටෙස්ට් කරන්න සමඟිය ලෑස්තියි. පුළුවන් නම් ඡන්දයක් තියන්න!

Date:

අගමැතිවරයාගේ අභියෝගය භාරගැනීමට සමඟි ජන බලවේගය සූදානම් හෙයින් ආණ්ඩුව විසින් බයේ කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

ඒ, අද (10) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව දැන් ජනවරම ඇත්තේ කොතැනද යන්න ටෙස්ට් කරගැනීමට හැකි බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

”ජනාධිපතිගේ හරි,අගමැතිගේ හරි මුදල් ඇමතිගේ හරි අභියෝගය භාරගන්න අපි ලෑස්තියි. ජනවරම ටෙස්ට් කරන්න පුළුවන් නම් කල් දාපු ප්‍රාදේශීය සභා ජන්දය තියන්න. අපි ඕනේ නම් වැල්ලේදී ජන්දේ කරමු.ඕනේ නම් කුඹුරේදී ජන්දේ කරමු. ඕනේ නම් ඉස්කෝලෙදි ජන්දේ කරමු. ඕනේ නම් මහ පාරේදී ජන්දේ කරමු. නැත්නම් ජන්ද පොළේදී ජන්ද කරමු. අපි අභියෝගය භාරගන්න ලෑස්තියි.” යනුවෙනුයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...