මිල්කෝ, NLDB ගොවිපල ඉන්දීය අමුල් සමාගමට විකිණීමට එරෙහිව ජාජබ නාමල් විරෝධතාවක

Date:

ජාතික පශූ සම්පත් මණ්ඩලයට අයත් කිරි ගොවිපළවල් 32ක් සහ මිල්කෝ සමාගම ඉන්දීය අමුල් සමාගමට තුට්ටු දෙකට විකිණීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න මහතා පවසයි.

“මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ – රාජපක්ෂ – පොහොට්ටු – යූඑන්පී හවුල් ආණ්ඩුව අපෙ රටේ වටිනාම ඉඩම් ටික NLDB එකට අයිති ගොවිපලවල් 32ක් අක්කර 28,802ක්, ඒ වගේම තමයි මිල්කෝ ආයතනය, කිරි සෙන්ටර් 97ක්, කිරි ෆැක්ටරි 5ක්, මේ නුවර දිස්ත්‍රික්කෙත් එකක් තියෙනවා දිගන, මේ සියල්ලම අමුල් සමාගමට තුට්ටු දෙකට විකුණන්න ලෑස්ති කරලා තියෙන්නෙ. දැන් මේ වෙනකොට මේ සමාගම් මේවා බලන්න එනවා. දැන් මේවා පහුගිය දවස්වල තක්සේරු කරලා ඉවර වුණා. අද ඉතාමත්ම තුට්ටු දෙකට මේවා විකුණන්න යනවා”

ප්‍රශ්නය – ඔබතුමාලාගෙ නායකතුමා ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් මේ දවස්වල ඉන්දියාවේ සංචාරයක යෙදෙනවා ?

“ඉන්දියාවේ නිල ආරාධනයකට තමයි ඒ ගිහිල්ලා ඉන්නෙ. මේක මුළු ලෝකෙට සන්නිවේදනය වෙලා ඉවරයි මේ වෙනකොට මේ රටේ මීළඟ ආණ්ඩුව මාලිමාව කියලා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (08) මහනුවරදී පැවති විරෝධතා පෙත්සම් අත්සන් කිරීමේ අවස්ථාවක් අමතමිනි.

කෙසේවෙතත් පෙරේදා දිනයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ ගුජරාටයේ පිහිටි අමුල් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...