ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදි දෙකක් සමඟ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): සංවිධානාත්මක අපරාධ සඳහා යොදාගන්නා ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දියගලවත්ත චුට්ටේ නමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් දෙදෙනෙකුයි.

පසුගිය කාලයේ මෙරට සිදුවූ වෙඩි තැබීම් රැසකටම මෙම යතුරුපැදි දෙක යොදාගෙන ඇති බවට සැක කෙරේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු හා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් වේ. මොවුන් සමඟ ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 16) දිනයේදී උතුරු,...

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...