ඉසුරි සහ සිතුමි අත්දැකීම් ජයග්‍රහණ සමඟ අවසාන පූර්ව වටයෙන් නවතියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 10 කොළඹ (LNW):ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංවිධානය කරන්නට යෙදුණ ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා සූරතා බැඩිමින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකාන කියෝජනය කළ තරගකරුවන් අතරින් අවසාන පූර්ව වටය දක්වා හෝ පැමිණිමට සමත් වූවේ කාන්තා යුගල තරග කාණ්ඩයෙන් තරග වැදුණු ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා පමණයි.ඔවුන්ට ද තරග සටහන යෙදී තිබුණ ආකාරයේ යම් වාසනාවක් මේ තත්ත්වයට බල පෑ බව ඇත්ත වුව ද,තවමත් 15 හැවිරිදි වියේ පසුවන සිය වයස් කාණ්ඩවලදී කැපී පෙනෙන දක්ෂතා දක්වන සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ඇති සිතුමි සහ ඉසුරි මේ අවස්ථාව ඔවුන්ගේ අනාගතයට පලදායක ආයෝජනයක් කර ගත යුතුයි.


ශ්‍රී ලංකාවට සාපේක්ෂව ගත් විට බැඩිමින්ටන් ක්‍රීඩාව සම්බන්ධයෙන් දියුණු සංස්කෘතියක් පවතින තායිලන්තය වැනි රටක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් හමුවේ 15 හැවිරිදි මේ ගැටවරියන්ට දැඩි තරගයක් ලබා දීමේ හැකියාව නොතිබුණි.එහෙත් අවුරුදු 15 දී එවන් ජාත්‍යන්තර තරගාවලියක දී පිචමෝන් පච්චාරපිෂුටින් සහ නන්පාන් සුක්කාලාට් හමුවේ අවසාන පූර්ව තරගයකට පිවිසෙන්නට ලැබීමේ අත්දැකීම ඔවුන්ට හිමි වුණේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයට ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය කිරීමට හැකි බවට ජාත්‍යන්තරව විශ්වාස කළ නිසයි.තරගයේ ලකුණු තත්ත්වය 21 – 3 සහ 21 – 7 ක් වූ අතර තරගය විනාඩි 23 දී නිමා කරන්නට තායිලන්ත ක්‍රීඩිකාවන්ට හැකි වුණා.


කෙසේ නමුත් අනාගතය වෙනුවෙන් පලදායි ආයෝජනයක් කිරීමට, ශ්‍රී ලංකා බැඩිමින්ටන් තමන් විසින් ගොඩනඟා ගත් ජාත්‍යන්තර විශ්වාසය හරහා ඉදිරිපත්වීම අගය කළ යුතුයි.එවැනි තත්ත්වයක ශ්‍රී ලංකාවේ අනාගත දක්ෂයන් බොහෝ දෙනෙක්ට ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා ගැනීමට හැකි වීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සිටින ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරන්නට ලැබීම අගය කළ යුතු තත්ත්වයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...