හුදෙකලා වූ ගාසා වැසියන් කුසගින්නට සත්ත්ව ආහාරත් කෑමට පුරුදුවෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 10 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන ජනතාව දින ගණනක් තිස්සේ ආහාර හිඟයකින් පීඩා විඳින අතර, එහි ගාසා තීරයේ හුදෙකලා වූ වැසියන් සිය ආහාර අවශ්‍යතා ලෙස සත්ව ආහාර හා සහල් භාවිත කිරීමට යොමුව ඇතැයි වාර්තා වේ.

ඇතැම් නිවැසියන් ජීවත්වීම සඳහා සත්ත්ව ආහාර භාවිතයට යොමු වී ඇති අතර දැන් එම ධාන්‍ය තොග පවා අඩුවෙමින් පවතින බව ඔවුන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජලය පානය කිරීමට හා සේදීම සඳහා ජල නල වෙත ප්‍රවේශ වීම සඳහා පොළව හාරන ආකාරය ද දැකගත හැකි බවයි.

මේ අතර එහි කුඩා දරුවන් අතර උග්‍ර මන්දපෝෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, දැන් එය 15%ක තීරණාත්මක සීමාව ඉක්මවා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකරණ ඒජන්සිය වන ඔචා පවසන්නේ ගාසා තීරයේ උතුරට ගිය ආධාර අඩකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සැපයීම සිදු නොවන බවයි.

උතුරු ප්‍රදේශවල ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති පුද්ගලයන් 300,000 ක් බොහෝ දුරට සාගතයේ වැඩෙන අවදානමකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...