ඇත්තටම ක්‍රිෂ් එක්ක ගනුදෙනුව තියෙන්නේ කාටද කියලා නඩුව අහද්දී එළියට එයි – නාමල්ගෙන් අමුතු කතාවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇත්තේ රග්බි තරගාවලියක් සඳහා අනුග්‍රාහකත්වයක් ලබාගැනීම සම්බන්ධයෙන් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“මට ඒ සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා රගර්වලට සල්ලි ගත්තා කියලා. රග්බි ක්‍රීඩාව සඳහා ක්‍රිෂ් ආයතනය විසින් යම් අනුග්‍රහයක් දැක්වූවා කියලා. ඉතින් මේ ආණ්ඩුවට තමන් ආණ්ඩුකාරයා බවට පත්කරපු ව්‍යාපාරිකයාගෙන් සල්ලි අරන් ලයිට් හයි කරන්න හොඳයි නත්තලට. හැබැයි අපි නීත්‍යානුකූලව රග්බි තරගාවලියක් පවත්වන්න යම්කිසි කෙනෙක්ට අනුග්‍රහයක් ඉල්ලුවාම ඒක වැරදියි. ඉතින් මගේ සහ ක්‍රිෂ් අතර තියෙන්නෙ රගර් සම්බන්ධ ගනුදෙනුවක්. හැබැයි ඇත්තටම ක්‍රිෂ් සමාගමත් එක්ක ගනුදෙනුව තියෙන්නෙ කවුද කියන එක පිළිබඳව මේ නඩුව අහනකොට සමාජයට දැනගන්න ලැබෙයි”

නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...