ඇත්තටම ක්‍රිෂ් එක්ක ගනුදෙනුව තියෙන්නේ කාටද කියලා නඩුව අහද්දී එළියට එයි – නාමල්ගෙන් අමුතු කතාවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇත්තේ රග්බි තරගාවලියක් සඳහා අනුග්‍රාහකත්වයක් ලබාගැනීම සම්බන්ධයෙන් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“මට ඒ සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා රගර්වලට සල්ලි ගත්තා කියලා. රග්බි ක්‍රීඩාව සඳහා ක්‍රිෂ් ආයතනය විසින් යම් අනුග්‍රහයක් දැක්වූවා කියලා. ඉතින් මේ ආණ්ඩුවට තමන් ආණ්ඩුකාරයා බවට පත්කරපු ව්‍යාපාරිකයාගෙන් සල්ලි අරන් ලයිට් හයි කරන්න හොඳයි නත්තලට. හැබැයි අපි නීත්‍යානුකූලව රග්බි තරගාවලියක් පවත්වන්න යම්කිසි කෙනෙක්ට අනුග්‍රහයක් ඉල්ලුවාම ඒක වැරදියි. ඉතින් මගේ සහ ක්‍රිෂ් අතර තියෙන්නෙ රගර් සම්බන්ධ ගනුදෙනුවක්. හැබැයි ඇත්තටම ක්‍රිෂ් සමාගමත් එක්ක ගනුදෙනුව තියෙන්නෙ කවුද කියන එක පිළිබඳව මේ නඩුව අහනකොට සමාජයට දැනගන්න ලැබෙයි”

නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...