සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 11,(LNW)කොළඹ :
ක්‍රීඩා අමාත්‍යවරයා සහ මා අතර මේ දිනවල රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් පළ කරන ලිපි සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සිඳු වෙමින් ඇත.එහිදී අමාත්‍යවරයා අප පවසන කරුණු නිවැරදි නොවන බවත්,එය නිවැරදිව අධ්‍යයනය කළ යුතු බවත් පවසයි.අප විශ්වාස කරන්නේ අප විසින් ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ කාලයකට අදාළව සිඳු කරමින් පවතින ඒවා බැවින් ඒවා නිවැරදි ඒවා විය යුතු බවය.අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඇති අත්දැකීම්වලට වඩා ඇත්තේ නිලධාරීන් විසින් සපයන ලද තොරතුරු වාර්තා වන අතර,අප විසින් ඉදිරිපත් කරන ලද කරුණු ඔවුන්ට එරෙහි එකක් වන බැවින් ඔවුන් විසින් අමාත්‍යවරයාට අපේ කරුණු ඉදිරිපත් කිරීම් සාධනීය බව පෙන්වන තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි සිතිය නොහැකිය.
මෙ සාකච්ඡා අතර අමාත්‍යවරයා සහ මා එකම පුවත්පතක විෂයන් දෙකක් ඔස්සේ ලිවීම් කරන ලද අය බවත් තහවුරු කර ගන්නට ලැබිණ.ඒ නිසා අපි විසින් මේ දක්වා ඉදිරිපත් කරන ලද කරුණු ගැන අමාත්‍යවරයාට තොරතුරු දැක්වීමට ආරාධානයක් කරන අතරේම, ඒ ඔස්සේ අප විසින් මේ ඉදිරිපත් කරන කරුණු කිහිපය අමාත්‍යවරයාට අවශ්‍යයනම් තව දුරටත් සළකා බැලීමට හැකිය.
ශ්‍රී ලංකාවේ රගර් තහනම් කිරීම කරා ගිය ගමන සිඳුවන ආකාරය.
*රිස්ලි ඉල්ලියාස් සභාපති ධුරයට පත්වීම සහ නාමල් රාජපක්ෂ ක්‍රිඩා අමාත්‍ය ධූරයට පත් වීම
*නාමල් රාජපක්ෂ සහ ආසියානු සභාපතිවරයාගේ අනුදැනුම මත පත් වූ පරිපාලනය සිටියදී අසංග සෙනවිරත්නගේ සභාපතිත්වයෙන් උපදේශක කමිටුවක් පත් කරන බව එවකට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ශ්‍රී ලංකා රගර් වෙත දැන්වීම.(අසංග ඒ වන විට ශ්‍රී ලංකාවට පවුම් 50000 ක දඩයක් පැනවීමට හේතු වූ කාරණය සම්බන්ධයෙන් මෙන්ම,එම මුදල ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන සංවර්ධන අරමුදලෙන් කපා ගන්නට යෝජනා කළ පරිපාලනයේ ප්‍රධානියාය.)
*ශ්‍රී ලංකාවේ රග්බි අනුග්‍රාහකයා සමඟ අදාළ ගිවිසුම ගැන සාකච්ඡා කෙරෙමින් පවතින මොහොතක ආසියානු මට්ටමේ තරගාවලියකට අමාත්‍යවරයා ද මැදිහත්ව එම අනුග්‍රාහකයා කැදවා ගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා ද එහි ප්‍රධාන ආරාධිතයෙක් ලෙස සහභාගි වීම.
*මෙහිදී ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ රගර් සභාපතිවරයා අතර සිඳු වූ පෞද්ගලික වට්ස්ඇප් සාකච්ඡාවකදී (මේ මොහොතේ අමාත්‍යවරයා සහ මා අතර පැවත්වෙන ආකාරයේ) ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා රග්බි පරිපාලනයට නොදන්වා සෘජුව අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවේ රගර්වලට අදාළව තීරණ ගැනීමට දොස් පැවරීම.
*මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා (නාමල්ගෙන් පසුව පත් වූ අය ද ඇතුළුව) එකඟතාවයක සිට,ශ්‍රී ලංකා රගර්වලට කරන ආසියානු සභාපතිවරයා කරන බලපෑම් ගැන විමසිමක් කරනු වෙනුවට ශ්‍රී ලංකා බලධාරීන් කර ඇත්තේ එකඟවීමක්ය.
*ශ්‍රී ලංකා සභාපතිවරයාව තහනම් කරද්දී ඒ ගැන කරන ලද පරීක්ෂණය,ශ්‍රී ලංකා සභාපතිවරයාගෙන් කරුණු විමසීම ආදිය කිසිවක් සිඳු වී නැත.ඒ සම්බන්ධයෙන් අසාධාරණය වන්නේ ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට සහ ශ්‍රී ලංකාවේ රගර් සභාපතිට නිසා ආසියානු විධායක සභාව විසින් එම පරීක්ෂණය කළ ආකාරය,එහිදී ශ්‍රී ලංකා සභාපතිවරයා දක්වා ඇති අදහස් ආදිය සියල්ල ක්‍රීඩා අමාත්‍යංශය විසින් ඉල්ලා සිටිය යුතු වුව ද,ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට අදාළ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් එක පෙළට සිට කර ඇත්තේ ආසියානු සභාපති කියනවනම් ඒකෙ අහන්න දෙයක් නැහැ කියා අත් දෙකම උස්සා කැමත්ත ප්‍රකාශ කිරීමය.(දන්නා තරමින් අඩුම තරමේ අමාත්‍යවරයෙක් ඔහුව කැඳවා සිඳුවීම ගැන විමසීමක් හෝ කර නැත.අමාත්‍යංශයෙන් ඔහුව මුණ ගැසී ඇත්තේ පත් කළ ඔම්බුඩ්ස්මන්වරයා වූ චූලානන්ද පෙරේරා පමණි.)
මේ පසුබිම මත ආසියාව සහ ශ්‍රී ලංකාව ඇවිලී යද්දි අඟුරු බවට පත් වෙමින් තිබුණේ රගර් ය.ආසියානු සභාපතිගේ ඉල්ලීම මත 2022 අප්‍රේල් 1 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ තහනම ඉවත් කර නැවත පිළිගන්නා බව කීව ද,රටේ නීතිය ඉදිරියේ කරුණු විභාග වෙමින් තිබියදි 2023 පැවති ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව සහභාගි වීම වැළක්වීමට ආසියානු සම්මේලනය මෙහෙයවීමට ආසියානු සභාපතිවරයා සමත් විය.වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා වූ රොෂාන් රණසිංහ ද ආසියානු සභාපතිවරයාගේ පදයට හැසිරුණත්,පදක්කමකට යමින් සිටි ශ්‍රී ලංකාවට එම ගෞරවය හිමි වුවහොත් ආසියානු සභාපතිවරයාට මෙන්ම ඒ වන විට ආසියානු සභාපතිවරයා ළගට වී සිටින ශ්‍රී ලංකාවට විදේශිකයන් ක්‍රීඩා කර හෝ ජය ගැනීමට නොහැකි වූ සභාපතිවරුන්ටද ප්‍රශ්නයක් එනු ඇත.
මන්ද, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවලට ශ්‍රී ලංකාව වෙනම පුහුණු සම්ප්‍රදායක් තුළ රගර් ක්‍රීඩාවෙන් භාහිර ක්‍රියාකාරකම් ද භාවිතයට ගෙන පුහුණු කටයුතු කර හොඳම තත්ත්වයක සිටීම නිසා,සිව්වන ස්ථානය තෙවන ස්ථානයකින් නිමාවන පදක්කමකින් නිමවන මට්ටමේ තිබිණ.ඒ නිසා බලපෑම්වලින් පුහුණු කටයුතු අඩාල කෙරිණ.එසේ තිබියදීත් ආසියානු රගර් කියන කියන පදයට නටපු ලංකාවේ දේශපාලකයින් සහ නිලධාරීන් විශ්මයට පත් කරමින් ආසියානු රගර් ආසියානු ඔලිම්පික් ධජය යටතේ හෝ ශ්‍රී ලංකාවට තරග කරන්නට ඉඩ නොතබා තරග කාල සටහන සකස් කළේය.
අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට කළ හැකි කිසිවක් නොවිණි.එහිදී ආසියානු ක්‍රීඩා උළෙලේ වැඩ බලන ප්‍රධානියාව සිටි රාජා රන්ධීර් සිං ආසියානු රගර් අමතමින් සිහිපත් කළේ ආසියානු ක්‍රීඩා උළෙල ආසියානු ඔලිම්පික් යටතේ පවතින බවත්,රගර් ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස අයිඕසී යටතේ පවතින බවත්ය.එහෙත් ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා රගර් ඉතිහාසයේ අවසාන අවස්ථා දෙකම සිව්වන තැන සිටි ශ්‍රී ලංකාව 10 වන තැන දක්වා පහතට වැටිණ.ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුව ලබා දෙන්නට කිසිඳු වැඩ පිළිවෙලක් නොතිබුණු සහ පත් කළ අන්තර්වාරණ කමිටුව නිසා පැනවුණු වාරණයක් ද තිබුණ බැවිනි.එහිදී අමාත්‍යවරු විසින් පත් කරන ලද කමිටු විසින් අධිකරණයට කරුණු දක්වන්න යාම ද දැක ගන්නට ලැබිණ.මෙය ආසියානු බලපෑම සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් පෙනී සිටින බව ආසියානු සභාපතිට පෙන්වීමට මෙරට කෙතරම් පිරිසක් උනන්දුවෙන් සිටිනවාද යන්න පෙන්නා දීමට හොඳ උදාහරණයක්ය.
මේ සමඟ ඇත්තේ ශ්‍රී ලංකා රගර් ආසියානු ක්‍රීඩා උළෙලේ දී දැක් වූ දස්කම් මෙන්ම 2018 සහ 2022 වසර කාලයේ ශ්‍රී ලංකාවට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එම තරගාවලිය තුළ අත් වූ ඉරණමය.දේශපාලක පරම්පරා පිනවීමට රටට අත්වන අපකීර්තිය නොසිතා විදේශිකයන් හෝ ක්‍රීඩාවට කැඳවා ජයග්‍රහණ අත් කර දෙන්නට හදන සහ එම වරද හසුවී දඩුවම නියම වෙද්දී රටේම රගර් සංවර්ධන වැඩ පිළිවෙල වල පල්ලට යවමින්,එම දඩය සංවර්ධනයට එන මුදලෙන් ගෙවන්නට තීරණය කර වසර ගණනකින් ශ්‍රී ලංකාවේ රගර් පිටුපසට රැඟෙන ගිය දැනටත් සංවර්ධනය සඳහා මුදල් නොලැබෙන තත්ත්වයක් නිර්මාණ කළ පිරිසකට,තමන්ගේ උවමනාව සහ රාජකාරිය රට දෙවැනි කොට වෙන රටකට තමන් පසුකර යා හැකි පරිදි කටයුතු කිරීම මහා ලොකු දෙයක් නොවේය.
මේ බලපෑම අවනත නොවී සාධනීය ලෙස දේශීය රගර් උවමනාවන් සමඟ සමපාත කිරීමටනම් තව දුරටත් රාජා රන්දීර් සිං වැනි චරිත මෙන්ම එවැනි ව්‍යහුයමය පරිපාලන ඒකක ද ශ්‍රී ලංකාවට ප්‍රයෝජනයට ගත හැකිය.තවමත් මේ පැටලිල්ල ලිහා ගන්නට යාමට වඩා ආසියානු සභාපතිගේ පැත්තෙන් පමණක් අල්ලාගෙන ගැට වැඩි කර ගනිමින් සිටීමට වඩා ආසියානු සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුද මීට ඈදාගෙන සියලු කොටස් සම්මුඛ වන මාර්ගගත සාකච්ඡාවක් හෝ පැවත්වීමේ හැකියාව ඇත.
මේ වන විටත් ආසියානු බලපෑම ගැන අධිකරණයෙන් ඔබ්බට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කරන බවට අප මෙතෙක් ඉදිරිපත් නොකළ කරුණක් අගට එකතු කරමි.පවතින ව්‍යවස්ථාව ප්‍රකාරව ඡන්දය පැවත්විම අධිකරණයේ අපේක්ෂාවය.ආසියානු සභාපතිගේ උවමනාව පදනම් කරගෙන එය කල් දැමීම කරන්නේ අධිකරණයට නොදන්වාය.ආසියානු සභාපතිගේ ලිපිය ලැබී දින 10 ට පසුවය.අධිකරණය යෝජනා කරන පරිදි පරණ ව්‍යවස්ථානම් ක්‍රියාත්මක විය යුත්තේ ඒ දැණුම් දිම ඒ කාණ්ඩයේ ක්‍රිඩා සමාජවලට යොමු කිරීම අවශ්‍යය නැත.එහෙත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එහි පිටපතක් ආසියාවට යද්දී මේ වන විටත් තමන් පොරොන්දු ප්‍රකාරව ව්‍යවස්ථාව වෙනස් කරමින් සිටින බව පෙන්වීමට එම කරුණ ද ඇතුළත් කර ඇත්තේ නොවේද?

![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/2-1.jpg)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/3.jpg)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/4.jpg)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1-2-1.webp)