මාස්ටර් ඉන්වෙස්ට්මන් ප්‍රධානියා හමු වූ ජනපති!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ (LNW):

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තුන්දින නිල සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාස්ටර් ඉන්වෙස්ට්මන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

මේ වනවිට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින අතර, එහිදී මාස්ටර් ඉන්වෙස්ට්මන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑනනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිම් මහතාද ඩුබායි හි ජුමෙයිරා බීජ් හෝටලයේදී හමුවූ බව වාර්තා වේ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවදානය යොමු කෙරුණ අතර, මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබෙන්නේ හෙට (12)  දිනයේදී වේ. අද (11) සිට ලබන 13 වැනිදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය සමුඵව පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...