සාකච්ජාවලට සමඟියේ බිම් මට්ටමෙන් විරෝධය! එජාප – සමඟි සාකච්ජා කොට උඩ?

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම වෙනුවෙන් මේ දිනවල දෙපාර්ශවය අතර පවතින සාකච්ජාවලට සමඟි ජන බලවේගයේ බිම් මට්ටමේ විරෝධයක් එල්ල වෙමින් තිබේ.

ඊයේ (10) පස්වරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමඟ සමඟි ජන බලවේගයේ කඩුවෙල කොට්ඨාස නායකයින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔවුන් සිටියේ මේ මොහොතේ සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට විරෝධය පළකරන බවයි.

පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වෙමින් ඉදිරි කටයුතු කිරීමේ හැකියාවක් පවතින විට පසුගිය කාලය තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය වෙනුවෙන් ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙක් එම සාකච්ජා සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වුවද සමඟි ජන බලවේගයේ බිම් මට්ටමේ පිරිස ඊට දැඩි විරෝධයක් දක්වමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම මේ මොහොතේ සමඟි ජන බලවේගයට පවතින ජන පදනමද නැති කරගැනීමක් විය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

යම්කිසි අයුරකින් එකට වැඩකරන්නේ නම් එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිම්විය යුතු බවත් ටෙලිෆොනයේ ලකුණින් දේශපාලන කටයුතු කළ යුතුව ඇති බවටත් වන කොන්දේසියක් එජාපයට ඉදිරිපත් කරන ලෙසද සමඟියේ බිම් මට්ටම යෝජනා කර ඇති බව සඳහන්.

මේ අතර එජාප සමඟි සාකච්ජා සාර්ථක වුවහොත් තවත් පැත්තකින් එය සමඟි ජන බලවේගයට අහිතකර ලෙස බල පෑ හැකි බවද බිම් මට්ටමේ පිරිස් පවසා ඇත.

සමඟියට සමීපව ක්‍රියාකාරී දේශපාලනයේ සිටින තරුණ කොටස් පක්ෂයෙන් ඉවත්වීමක් වුවද සිදුවිය හැකි බවටයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ මොහොතවන විට දුර්වල තත්ත්වයක සිටින්නේ එක්සත් ජාතික පක්ෂය හෙයින් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සමඟි ජන බලවේගයේ ඉඩ අත්පත්කර ගැනීමට බවද බිම් මට්ටමේ ක්‍රියාකාරිකයින් පෙන්වා දී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...

Tasty Tuesdays: කට්ට සම්බෝලෙත් එක්ක කටට රහට කන්න පුලුවන් කිරිබතෙහි වත-ගොත!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...