එජාප – සමඟි සාකච්ජා තාවකාලිකව නතර වුණා. අපිට හොරු එක්ක එකතු වෙන්න ඕනේ නැහැ – මරික්කාර්

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ජා මේ වන විට තාවකාලිකව නතර වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා
පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (11) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

දක්ෂිණාංශික කඳවුර එකතු විය යුතු වුවද එහි සිටින හොරා සමඟ එකතුවීමක් ඉන් අදහස් නොකරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

”දැනට තාවකාලිකව නතර වෙලා තියෙනවා. සාකච්ජාවේ අරමුණ ඇවිල්ල එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුවෙන එක කියන කෙටි සීමාවේ එකක නෙවෙයි.අපි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මිනිස්සු. දක්ෂිණාංශික ආර්ථිකය විශ්වාස කරන මිනිස්සු. දක්ෂිණාංශික කඳවුර එකතු විය යුතුයි කියල අපි විශ්වාස කරනවා. දක්ෂිණාංශික කදවුර බෙදුනම හැමවෙලාවෙම ලක්ෂ 25ක් විතර ජන්ද දායකයෝ ජන්ද පොලට යන්නේ නැහැ. අපිට ජයග්‍රහණය කරන්න නම් දක්ෂිණාංශික මතවාදය පිළිගන්න මිනිස්සු ජන්ද පොළට ගෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට දක්ෂිණාංශික කඳවුර එකතු කරනවා විනා දක්ෂිණාංශික කඳවුරේ ඉන්න හොරා එක්ක එකතු වෙන එක නෙවෙයි. ඒක පටලව ගන්න එපා. පසුගිය අවුරුදු දෙක කියන්නේ මේ රටේ අන්ත දුෂණ වෙච්ච අවුරුදු දෙකක්. තෙල්වලින් හොරකම් කළා. ගෑස්වලින් හොරකම් කළා. පාස්පෝර්ට්වලින් හොරකම් කළා. ගොඩක් ඒවා හොරකම් තියෙන්නේ.”

මේ අතර සමඟි ජන බලවේගය පරාජය වුවද එහි දුෂිතයෝ නොමැති අතර පිරිසිදු කණ්ඩායමක් සිටින බවත් කුමන පාර්ශව එකතු වුවද සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස බවද මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...