යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියාව සහ යුක්රේනය අතර පවතින දරුණු යුද ගැටුම් මධ්‍යයේ සිවිල් වැසියන්ට එල්ල වන මාරාන්තික බලපෑම සසෑම විටම විදෙස් මාධ්‍ය අඛණ්ඩව වාර්තා කරනු ලබයි.

ඒ අනුව අද (11) දිනයේදීද, යුක්රේනයේ කාර්කිව් කලාපයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ ගැබිණි මව බරපතල තුවාල ලබා තිබේ.

මෙම සිදුවීමට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පිරිසක් මියගොස් ඇති අතර, රෝහල් සහ දුම්රිය පද්ධති වැනි යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව ඇත.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කරන්නේ රුසියාවේ මෙම නොනවතින ප්‍රහාර හමුවේ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටෙන බවයි.

එමෙන්ම මෙයට ප්‍රතිචාර වශයෙන් යුක්රේනය විසින් රුසියාවේ හමුදා මධ්‍යස්ථාන සහ කර්මාන්තශාලා ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවද මෙහි සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...