රටේ ජනතාව කුසගින්නේ පතුළටම

Date:

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවකින් ආහාර අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින් පවතින බවත්, සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් තමන්ගේ ආහාර වේල් පාලනයට පළඹී ඇති බවයි.

මෙරට පවුල් ඒකකවලින් 33% ක් ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බව දෙසැම්බර් මාසයේ සිදු කළ අධ්‍යනයට අනුව හෙළිව ඇති බව ලෝක ආහාර වැඩසටහන සොයාගෙන ඇත. 2019 දී රටේ ආහාර අනාරක්ෂිත මට්ටම 9.1%ක් වූ අතර පසුගිය මාස 4 තුළ දත්ත අනුව ආහාර සුරක්ෂිතතා මට්ටම් 30% ඉක්මවා තිබේ.

ලෝක ආහාර වැඩසටහන පවසන්නේ තොග වෙළෙඳුන්ට අනුව ආහාර තොග දේශීය වෙළෙඳපොළට මුදා හැරීම හේතුවෙන් ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහළ බැස ඇති බවත් ආහාර මත පදනම් වූ සහ ජීවනෝපාය පදනම් කරගත් ක්‍රමෝපායන් වෙත යොමු වන කුටුම්භයන් රට පුරා දිගින් දිගටම වාර්තා වන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

ආර්ථීක අර්බුදය හේතුවෙන් කුටුම්භ දහයෙන් හතකට ආසන්න ප්‍රමාණයක් (68%) ආහාර මත පදනම් වූ ක්‍රමෝපායන්ට හුරුවී ඇති බවත්

පවුල් ඒකක වලින් 58% ක් ණය මත ආහාර මිලදී ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද අදාළ වාර්තාවෙන් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...