සෞඛ්‍ය වැඩවර්ජනයට එරෙහිව අධිකරණ නියෝගයක්

Date:

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ( GNOA ) ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 18ක් විසින් ආරම්භ කර, දින හතරක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් ඊයේ (10) නිකුත් කර තිබේ.

ඒ, නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ය.

හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මහජනතාව පත්ව ඇති අපහසුතා පිළිබඳව අධිකරණයට කරුණු දක්වා තිබුණු නීතිපතිවරයා ඉල්ලා තිබුණේ වර්ජනයේ නියුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝග නිකුත් කරන ලෙසය.

ඒ අනුව මෙම වැඩවර්ජනය ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝග දෙකක් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...