*
Friday, March 29, 2024
spot_img

Latest Posts

සමන් රත්නප්‍රිය අධිකරණයට ගරු කරනු ඇතැයි සිතනවා – කෙහෙළිය

අධිකරණයට ගරු කරමින් සමන් රත්නප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එම ආකාරයෙන්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව මෙම දින කිහිපයේ ජනතාව විඳි පීඩාවන් හා අපහසුතාවයන් නතර වනු ඇති අතර බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා මේ බව සිටියේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට එරෙහිව කොළඹ දිසා අධිකරණය ලබා දුන් වාරණ නියෝගය ගැන අදහස් දක්වමිනි.

නීතිමය කරුණු සොයා බලා රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන නීතිමය රාමුව තුළ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇතැයිද එමගින් අධිකරණය මේ සම්බන්ධව කරුණු විමසීමෙන් පසු මෙම වාරණ නියෝගය නිකුත් කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

”සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් යම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පැවැත්වුවා. කරුණු 07 ක් මුල් කරගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට යාම පිළිබඳව සඳහන් කිරීමෙන් අනතුරුවද අප සාකච්ඡා ලබා දුන්නා. එම කරුණු පිළිබඳව ඉතාමත් උවමනාවෙන් අප සලකා බැලීමට සූදානම් යන පදනම තුළ සිට සාකච්ඡා පවත්වනු ලැබුවා. එහි සඳහන් කරුණු 07 න් කරුණු දෙක තුනක් අපට විසඳා ගැනීමට හැකි කරුණුය. තවත් කරුණු දෙකක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධ කර ගත යුතු කරුණුය. එමෙන්ම අනෙක් කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු ඒවාය. ඒ පිළිබඳව අපි සුහද සාකච්ඡාවක් පැවැත්වුවා.

විශේෂයෙන් වසර දෙකක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා කරන ලද කැපකිරීම් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවාව අපගේ විශිෂ්ට ඇගයීමට ලක්වෙනවා. මේ අතරතුර රටේ සාමාන්‍ය පරිපාලනයට ඉස්මතුවී ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉතාමත් සාධනීයව,ධනාත්මක ලෙස යම් කිසි අඩුපාඩුවක් ඇත්නම් ඒවා නිවැරදි කරමින් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව වෘත්තීය සමිති සමග අප දීර්ඝ ලෙස සාකච්ජා කරනු ලැබුවා. නමුත් ඉන්පසුවද ඔවුන් අඛණ්ඩ වර්ජනයට යන බව ප්‍රකාශ කරනු ලැබුවා.

විශේෂයෙන් සෞඛ්‍ය සේවාවේ සැවොම මෙන්ම වෘත්තීය සමිති සමග අප ඉතා සුහදව කටයුතු කරනු ලබනවා. එහෙත් අවාසනාවකට දේශපාලන වුවමනාකම් හා දේශපාලන පසුබිම් හේතු කරගෙන කරනු ලබන කාරණාවලදී සමාන්‍ය තත්ත්වයකට එහා ගිය ස්වරූපයක් පෙනෙනවා. පෞද්ගලික අංශයේ කිසිදු සහනයක් ගත නොහැකි දුර බැහැර සිට මුදල් ගෙවා රෝහල් කරා පැමිණෙන ජනතාව මෙන්ම ශල්‍යකර්ම වලදී ජීවිත අවදානමකට රෝගීන් ලක්වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අපට නිහඩව බලා සිටිය නොහැකියි. ඒ අනුව අප රටේ නීතිමය රාමුව තුල සිට මේ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගයන්ට එළඹෙනු ලබනවා.”යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan