ඇමති ආඩම්බර වුණාට වැඩක් නෑ රටේ ජනතාවට අධිකරණය ගැන විශ්වාසයක් නැත්තං – එරාන් වික්‍රමරත්න

Date:

ලෝක යුක්ති වාර්තාවට අනුව රටවල් 139 ක් අතුරින් ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 76 වැනි ස්ථානයේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එම ශ්‍රේණිගත කිරීම්වල පසුගිය 2020 වසරේදී ශ්‍රී ලංකාව රැඳී සිටියේ 66 වැනි ස්ථානයේ බවයි පසුගියදා පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙිමන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා අධිකරණ ක්ෂේත්‍රය තුළ ඵලදායිතාවය අඩුවීම, නීතිඥයන්ගේ ගාස්තු ඉහළ යාම, රාජ්‍ය මැදිහත්වීම අධික වීම, දූෂණය අධික වීම, වෙනස් ලෙස සැළකීම වැනි බරපතල කරුණු ගණනාවක් අදාල වාර්තාවේ සඳහන් කර ඇති බව ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙනවා.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ආඩම්බර වන බව ප්‍රකාශ කළ නමුත් ඇමතිවරයා ආඩම්බරවීමට වඩා වැදගත් වන්නේ රටේ ජනතාවට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් විස්වාසයක් තිබීම බවත්, කෙසේ නමුත් මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් රටේ බහුතර ජනතාවට විස්වාසයක් තිබෙන්නේද යන්න ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...