*
Friday, March 29, 2024
spot_img

Latest Posts

මතක මංගල; මංගල ගැන ශානකියන්ගේ මතකය (Video)

මංගල සමරවීර මහතා පසුගිය කාලයේදී තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සමග එක්ව යළිත් ශ්‍රී ලංකා දේශපාලනය තුළ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට සූදානම් වූ බවත් ඔහු රටට අහිමි වූයේ එවැනි තීරණාත්මක අවස්ථාවක බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කිරීමේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

තමන් පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර රූපවාහිනියෙන් පමණක් දුටු මංගල සමරවීර මහතා සමග ඉන්පසු අවස්ථා කිහිපයකදී සමීපව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු බව සිහිපත් කළ රාසමානික්කම් මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තු විවාදවලදී අදහස් දැක්වූ බොහෝ අවස්ථාවලදී තමාගේ අදහස් මංගල සමරවීර මහතා විසින් අගය කළ බවයි. එපමණක් නොව අවස්ථා කිහිපයකදී ඒ පිළිබඳව අවවාද ලබාදුන් බවද මන්ත්‍රීවරයා පවසනවා.

දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ එවැනි ප්‍රවීන දේශපාලනඥයෙකු තමා වැනි නවක මහජන නියෝජිතයෙකු අගය කිරීම තමන්ට ලැබුණු මහත් ගෞරවයක් ලෙස සළකන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan