*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 91 අදියරින් කොළඹ ශාන්ත ආනා විදුහලට ස්මාර්ට් පන්ති කාමරයක්

පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර හැරීමේ හා පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති නිසා සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ප්‍රතිපත්තියක් ලෙස විශ්වාස කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වීම සහ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මීට වසර කිහිපයකට පෙර සමගි ජන බලවේගයේ මහලේකම්වරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කර විධායක ජනාධිපති ක්‍රමය සංශෝධීකරණය කිරීමේ පුළුල් වැඩසටහනකට මුල පිරූ බවත් පක්ෂය එම ප්‍රතිපත්තියේම තවමත් රැදී සිටින බවත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ මුවාවෙන් වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ ජනවරම, ඡන්ද අයිතිය නැති කරන්න උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන බවත් 2024 වසරේ පැවැත්වීමට ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණයත් අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවත් පවතින ක්‍රමය වෙනස් කිරීමෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි පවසා විවිධ පාර්ශ්වවලට වරදාන වරප්‍රසාද ලබා දී තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට අවකාශය දී තම දේශපාලන පඹයන් හරහා ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා කරනවා නම් සමගි ජන බලවේගය එයට ඉඩ නොදෙන බවත් 2024 අනිවාර්යෙන් ජනාධිපතිවරණය පවත්වා එම වරමින් අවංකව පිරිසුදුව විධායක ජනාධිපති ක්‍රමයේ පැහැදිලි වෙනසක් ඇති කර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නිදහස සහිත නව ක්‍රමයකට ප්‍රවේශ විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 91 වැනි අදියර යටතේ මැද කොළඹ ශාන්ත ආනා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පසුගියදා (09) එක්වෙමිනි.

ජනපතිගේ සටකපට දේශපාලන ගුණ්ඩුවලට අපි අහුවෙන්නේ නෑ

කවුරුන් හෝ සිතනවා නම් සමගි ජන බලවේගය ජනාධිපතිවරණයක් ඇති වසරක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා සංශෝධී කරනවා යැයි කියා දේශපාලන ආයුෂ දීර්ඝ කර ගන්න හදන ජනාධිපතිවරයකුගේ සටකපට දේශපාලන ගුණ්ඩුවලට හසුවෙනවා කියා සිතනවා නම් එය එසේ නොවන බවත් මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ජනවරමට බිය ඇතැම් පාර්ශ්වයන්ගේ හිතේ තියෙන දේවල් ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රජය, සමගි ජන බලවේගය අනුගමනය කරමින් සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන එක හොද දෙයක්

රජයෙන් සුහුරු පන්ති කාමර විශාල ප්‍රමාණයක් ආරම්භ කරන බවට අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කිරිම සුබ ආරංචියක් බවත් රජය සමගි ජන බලවේගය අනුගමනය කරමින් එවන් වැඩසටහනකට අවතීරණ වීම ගැන සතුටු වන බවත් සියලු දෙනාම එකට එකතු වී මෙරට සුහුරු අධ්‍යාපනය ගොඩ නැගීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 91ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 896ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan