*
Tuesday, November 5, 2024
spot_img

Latest Posts

මුල අතපසු කර පසුව හඹායාමේ උපක්‍රමය අවුල් වෙන්නට ගිය මහනුවර, යළි ජයමාවතට පිවිසෙයි.

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 11 කොළඹ (LNW): තරගයේ දෙවන භාගයේ වැඩි වාසි ලබා ගැනීම සඳහා උත්සාහ කිරීමේ අනන්‍යතාවය සහිත මහනුවර කණ්ඩායම ඒ උපක්‍රමය නිසා තරගාවලියේ දෙවන වරටත් පරාදවීමක ආසන්නයට ආවත් අවසානයේ එය කළමණාකරනය කරමින් හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව තරගය ලකුණු 19 – 15 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.පෙබැවාරි 09 සහ 10 පැවති තරග හතරකින් ඒ අනුව මහනුවර හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කර ජය ලැබූ අයුරෙන්,ගුවන් හමුදාව සහ පොලිස් කණ්ඩායම් ජය ලබා ගත්තා.පිළිවෙලින් ඔවුන් ඉදිරියේ පරාජයට පත් වුණේ නාවික හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායමයි.කාන්තා තරගයක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවති අතර එහි ජය නාවික හමුදා ක්‍රීඩිකාවන් විසින් දිනා ගනු ලැබුවා.


මහනුවර සහ හැව්ලොක්ස් කණ්ඩායම් හැව්ලොක් ක්‍රිඩා පිටයේදී මුණ ගැසුණා.එහිදී තරගයේ මුල් අර්ධයේදී මුළු තරගයටම ලකුණු හැටියට වාර්තා වුණේ හැව්ලොක්ස් කණ්ඩායමේ ජනිත් චන්දිමාල් රැස් කළ දඩුවම් පහර පමණයි.තරගයේ දෙවන අර්ධයේදී නැඟී සිටි මහනුවර කණ්ඩායම ලකුණු 19 ක් රැස් කර ගනිමින් පෙරමුණට එද්දී,හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට රැස් කර ගැනීමට හැකි වුවේ ලකුණු 12 ක් පමණයි.
හැව්ලොක්ස් කණ්ඩායමේ ජනිත් චන්දිමාල් දඬුවම් පහරට අමතරව උත්සාහක දිණුමකින් ද ලකුණු ලබා ගත් අතර ඔලිවර් බක්ලේ ද උත්සාහක දිණුමක් වාර්තා කරන්නට සමත් වුණා.බක්ලේ ලබා ගත් උථ්සාහක දිණුමේ ප්‍රවර්ථනය සාර්ථක ලෙස නිමා කරන්නට සුදේශ් ජයවික්‍රමට හැකි වුණා.


මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජේසන් දිසානායත,ලවන්ග පෙරේරා සහ සුරංග කසුන් උත්සාහක දිණුම් තුනක් වාර්තා කරන්නට සමත් වුණා.එහිදී තරින්ද රත්වත්ත එම උත්සාහක දිණුම් තුනෙන් දෙකක්ම නිසි ඉලක්කයට යොමු කරමින් ප්‍රවර්ථන සාර්ථක කර දීමට දායක වුණා.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර නාවික හමුදා පිටියේ පැවති තරගය නිමාවට පත් වුණේ ලකුණු 41 -14 ක් ලෙස ගුවන් හමුදාවට ජය හිමිවෙමින්.එම තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු පූවරුව ගුවන් හමුදාවට වාසිවන අයුරෙන්ම ලකුණු 26 – 7 ක් ලෙස පැවතියා.ගුවන් හමුදාව වෙනුවෙන් ජේසන් කරුණාරත්න,කවීශ රුචිරන්ත,නිමල් වික්‍රමසිංහ,රුමේෂ් වසන්ත,ශාමික කව්ශාන් මිලින්ද සහ සුදත් බණ්ඩාර උත්සාහක දිණුම වාර්තා කරන්නට සමත් වුණා.එම උත්සාහක දිණුම් හයෙන් හතරකම ප්‍රවර්ථන සාර්ථක කර ගත් පත්මශංක ප්‍රමෝද් ඊට අමතරව එක් නිදහස් පහරක් ද නිසි ඉලක්කයට යොමු කරන්නට සමත් වුණා.
නාවික හමුදාව වෙනුවෙන් ස්ටෙෆාන් ජෝර්ජි සහ අනුෂ්ක රමේෂ් උත්සාහක දිණුම බැඟින් වාර්තා කළ අතර එම උත්සාහක දිණුම් දෙකේ ප්‍රවර්ථන සාර්ථක කර දෙන්නට ඉෂෘර ඉමංක සහ ඉසුරු කෝන්ගහවත්තට හැකි වුණා.

පෙබරවාරි 9 වන දා පැවති පොලිසිය සහ යුද හමුදාව අතර තරගයෙන් ජය ගත්තේ පොලිස් කණ්ඩායමයි.පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේදී අර්ධයන් දෙකම සමාන ශක්තියකින් තරග කරමින් පළමු අර්ධයේ දී ලබා ගත් යුද හමුදා වාසිය කණපිට හරවන්නට පොලිසියට හැකි වුණා.පළමු අර්ධය නිමාවේ ලකුණු 29 – 20 ක් ලෙස පෙරමුණේ සිටි යුද හමුදාව අභිබවමින්, තරගය නිමාවන විට ලකුණු පූවරුව තමන්ට වාසිදායක් ලෙස 42 – 37 ක් බවට පරිවර්ථනය කරගන්න පොලිසිය සමත වුණා.
පොලසියි වෙනුවෙන් සුජාන් කොඩිතුවක්කු උථ්සාහක දිණුම් 3 ක් ලබා ගත් අතර හිරන්ත පෙරේරා දෙකක් සහ අකාශ් මධුශංක එක් දිණුමක් ලබා ගනිමින් පොලිස් ලකුණු පූවරුව පොහොසත් කළා.මෙම උත්සාහත දිණුම් හයෙන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර දෙන්න ශේන් ග්ලෙවින් සමත් වූ අතර එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර දුන්නේ නවීන් කණිශ්ක යි.


යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ අශාන් බණ්ඩාරයි.ඔහු උත්සාහක දිණුමක් වාර්තා කරමින් ද,උත්සාහක දිණුම් තුනක ප්‍රවර්ථනය සාර්ථක ලෙස නිම කරමින් සහ දඬවම් පහර දෙකක් නිසි එල්ලයට යොමු කරමින්ද කැපී පෙණුනා.සුදාරක දික්කුඹුර උත්සාහක දිණුම් දෙකක් වාර්තා කරන්නට සමත් වුණා.කවීන් පෙරේරා සහ ලසන්ත කුමාර ත් උත්සාහක දිණුම් දෙකක් වාර්තා කරන්නට සමත් වුණා.

නාවික හමුදා පිටියේදී පිරිමි කණ්ඩායම් හමුවීමට පෙර එකිනෙක ගැටුණේ කාන්තා කණ්ඩායම් දෙකයි.එහිදී ජයග්‍රහණය හිමිවුණේ නාවික හමුදා ලලනාවන්ටයි.ඔවුන් එහිදී ලකුණු 24 ක් රැස් කළ අතර ගුවන් හමුදා කණඩායමට හැකි වුණේ ලකුණු 5 ක් රැස් කිරීමට පමණයි.


ශානිකා මදෝලි උත්සාහක දිණුමක් සහ උත්සාහක දිණුම් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර දුන්නාය.ඊට අමතරව නාවික කාන්තා පිළ වෙනුවෙන් ජයමාලි සමන්තා මෙන්ම සන්දිකා හේමතුමාරිත් සන්දිකා කුමුදුමාලිත් උත්සාහක දිණුම් දිනා ගත්තා. ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා කළ එකම උත්සාහක දිණුම.ලබා ගැනීමේ ගෞරවය හිමි වුණේ නිරාශා විරසිංහටයි.ඒ අනුව කාන්තා කරගයේ ජය නාවික හමුදාවට 24 – 5 ලෙස හිමි වූණා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan