අනුර කුමාර මෙරට ජනාධිපති වීම සඳහා ඡන්ද ලක්ෂ 70 කට වඩා ගත යුතුය. ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ලක්ෂ 69 කට මදක් වැඩියෙන් ලබා ගෙනත්
ඔහුට ලැබුණේ සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 52% ක් පමණී. එය නූලෙන් දෙකෙන් එහෙ මෙහෙ වුණා නම් ජනපති වීමට අවශ්‍ය හරි අඩක් සහ එකක් නොලැබෙනු ඇත. ජවිපෙට එවර ලැබුණේ ඡන්ද ලක්ෂ 4 කි. අනුරට ජනාධිපති වීමට ඔහු ඒ ලක්ෂ 4 සිට ලක්ෂ 70 දක්වා විශාල පිම්මක් පැනිය යුතුය. එය කරගන්නේ කෙසේද?
2015 මහින්ද රාජපක්ෂ පරදින අවස්ථාවේත් ඔහුට ඡන්ද ලක්ෂ 57 කට වඩා ලැබිණි. එය වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 47% කි. ඒ පොහොට්ටුවේ මූලික ඡන්ද පදනමයි. ගෝඨාභය රාජපක්ෂට වැටුණු වැඩිපුර ඡන්ද ලක්ෂ දහය පහළොව අර බලන්න කැත ලොල්-සහගත චිත්‍ර තාප්පවල ඇඳ පසුව කෝච්චියෙන් අරගලයට ආ අන්දමන්ද පාවෙන ඡන්දය. මෙවර එම පාවෙන ඡන්ද සියල්ලම අනුරට වැටෙනවා යැයි සිතුවොත් දැන් අනුරට ඡන්ද ලක්ෂ 20 ක් තිබේ.
ඒ ආකාරයටම සජිත්ටත් වැටුණු පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තිබේ. එයත් ලක්ෂ 5 ක් යැයි සිතා එම ඡන්දත් මෙවර අනුරට වැටෙනවා යැයි සිතුවොත් දැන් අනුරට ඡන්ද ලක්ෂ 25 ක් තිබේ. අලුතෙන් එකතු වෙන ඡන්ද ලක්ෂ දහයෙන් බාගයක් අනුරට වැටෙනවා යැයි සිතුවොත් ඔන්න දැන් අනුරට ඡන්ද ලක්ෂ 30 ක් තිබේ.
දැන් සජිත් ලඟට ගොස් සිටින සාම්ප්‍රදායික එජාප සිංහල ඡන්ද දායකයා මළත් ජවිපෙට දෙන්නේ නැත. ඔවුන් අහංකාරය. එහෙම දෙනවා නම් දීමට ඉන්නේ පොහොට්ටුවේ සිටින මෝඩම ඡන්ද දායකයන් ටිකකි. එය ඉතාම සුළු පිරිසකි. නමුත් මේ අබුද්දස්ස කාලේ ඕනෑම දෙයක් විය හැකි නිසා පොහොට්ටුවේ ඡන්ද දායකයන් බාගයක්ම අනුරට දෙනවා කියා සිතුවොත් ඔන්න දැන් අනුරට ඡන්ද ලක්ෂ 55 ක් පමණ තිබේ. දැන් සජිත්ගේ මට්ටමට අනුර පැමිණ තිබේ.
ඒත් ලක්ෂ 15 ක් මදිය. එය සොයාගන්නේ කෙසේද? ඒ ලක්ෂ 15 දිය හැක්කේ දෙමළ සහ මුස්ලිම් පක්ෂවලටය. දැනට ඔවුන් ඉන්නේ සජිත් සමගය. ඔවුන් මළාට පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැති අමු අන්තවාදීන්ය. නමුත් අනුරට ඔවුන් දිනාගත හැකිය. අනුර කළ යුත්තේ ඔවුන්ගේ ජාතිවාදී සහ ආගම්වාදී ඉල්ලීම්වලට දිවුරා පොරොන්දු වීමය. එය දැනටමත් වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ දිනවල දෙමළ සහ මුස්ලිම් පක්ෂ නායකයන් හොරගල් අහුලමින් නොකර සද්ද ඉන්නේ ඒ නිසාය. ඔන්න දැන් අනුරට ඡන්ද ලක්ෂ 70 ක් තිබේ. අනුර ලංකාවේ ඊළඟ විධායක ජනාධිපති වෙනවා නම් වෙන්නේ එහෙමය.
මදි පාඩුවට කතෝලික ක්‍රිස්තියානි ඡන්ද ටිකත් එකතු කරගැනීම නුවණට හුරුය. මන්ද දෙමළ, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු බහුතරයගේ පොදු අරමුණ මෙරට බෞද්ධ සහ සිංහල සංස්කෘතික ආධිපත්‍ය සහමුලින්ම සදහටම අවසන් කර දැමීමයි. ඒ සඳහා හොඳම සුදුස්සා නිරාගමිකවාදී අනුර කුමාර බව කවුරුත් දනී. ලංකාවේ ධනවත්ම මුස්ලිම් ව්‍යාපාරිකයෙකු වූත්, පාස්කු ප්‍රහාරය සිදු කළ ඉස්ලාම්වාදී ත්‍රස්තයන්ගේ මහ එකා වූත්, ඉබ්‍රහිම් නානා, ජවිපෙට ලෝබ නැතුව වියදම් කළාක් මෙන් මේ වන විට අබෞද්ධ අසිංහල ව්‍යාපාරිකයන් ජවිපෙට යහමින් කුට්ටි දෙන්නේ ඒ නිසාය. අනුරට විධායක ජනාධිපති ධුරය ලැබීමෙන් පසුව ලංකාවේ බෞද්ධ භික්ෂුවට සහ පන්සලට වෙන සන්තෑසිය එවිට බලාගත හැකිය. කෙසේ හෝ බලය ගන්න බලන්න කියා අනුරට කුප්පානුශාසනා කළ අස්ගිරි මහනායකට “හික්” ගෑවෙන්නේ එවිටය.
ප්ලෑන් B
මේ ඉලක්කම් එහෙ මෙහෙ විය හැකිය. එබැවින් ප්ලෑන් B එකක් අනිවාර්යෙන් තිබිය යුතුය. කිසිදු අපේක්ෂකයෙකුට හරි අඩක් සහ එකක් නොලැබීමට සැලැස්වීම එම දෙවන සැලැස්මයි. ඒ සඳහා කළ යුත්තේ පොහොට්ටුවේ සහ සජබ ඡන්ද වෙන වෙන තැන්වලට කැඩීමයි. එම ව්‍යාපෘතිය දැනට කර දෙන්නේ නිමල් කන්සා, විමල් වීරවංච, ඩලස් මලහප්පෙරුම, චම්පක රෙනවක, මෛත්‍රිපාල කරිසේන සහ දිලිත් නයවීර යන මෝඩ අහංකාර අති පණ්ඩිත එක වල්ලේ හැකර කටාස්ලාය. එබැවින් වෙනත් අය ලවා හෝ ඒ වැඩවලට ජවිපෙ මුදල් ටිකකුත් දී තව තවත් ප්‍රවර්ධනය කළ යුතුය. එමෙන්ම විශේෂයෙන්ම කළ යුතු තවත් ව්‍යාපෘතියක් තිබේ.
එනම් ජනපතිවරණයට පොහොට්ටුවේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම වැළැක්වීමයි. එවිට පොහොට්ටු පාක්ෂිකයන් ඉස් ලූ ලූ අත කැඩී යයි. මූණ සමග තරහ වී නහය කපා ගන්නට උපන් හපන් ඔවුන් පොහොට්ටුවට පාඩමක් ඉගැන්වීමට කියා මාලිමාවට කතිරය ගසන ජාතියේ අයියලාය. එම ව්‍යාපෘතිය දැනට කරමින් ඉන්නේ ඇමති කටුවල තාවකාලික පුළුටු රස විඳින ඊගෝ මේනියාකාරයන් සෙට් එකය. ජවිපෙ කළ යුත්තේ හැකි උපරිමයෙන් එම ව්‍යාපෘතියට උඩගෙඩි දීමයි. සැබැවින්ම අනුරට ඔය බොරුවට බස්වලින් සෙනග ඇද ඇද රැස්වීම් තියමින් මුදල් නාස්ති කිරීමට අවශ්‍ය නැත. කළ යුත්තේ ඉහත පොලිටිකල් සැලසුම් ක්‍රියාත්මක කිරීම පමණී.
මා යෝජනා කරන්නේ මේ විපරිතය වීමට ඉඩ දිය යුතු බවයි. පොහොට්ටුව වැනි ප්‍රබල ප්‍රජාතාන්ත්‍රික දේශපාලන කඳවුරක් දුර්වල කළ විට තමන්ටත් රාජ්‍යයටත් වෙන්නේ කුමක්ද කියා මෙරට බෞද්ධ සිංහල ජනතාවට තව පරම්පරා ගානකට අමතක නොවන යස පාඩමක් ඉගැන්විය හැක්කේ එවිටය. විශේෂයන්ම රාජපක්ෂලාට බැන බැන ඉන්න ඊනියා ජාතිකවාදී කුමාරජුන්ඩලාට බලි තරු රාවණ පෙනෙන්නේ එවිටය. දිස් ඉස් පොලිටික්ස්.
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
[email protected]
