නිදහස විසින් අපිව තෝරාගෙන තිබේද ?

Date:

නිදහස ගැන කියද්දි ගිල් ඩෙලුස් වෙනස්ම කතාවක් කියනවා. අපි හිතන්නේ අපිට නිදහසක් තියනවද නැද්ද කියන එක උණාට ඩෙලුස් කියන්නේ නිදහස විසින් අපිව තෝරාගෙන තියනවද කියන එක. ඒ කියන්නේ නිදහස නම් ප්‍රවාහය විසින් අපිව නිදහස පිණිස තෝරාගෙන තියනවාද කියල (Are we chosen by freedom?).

එහෙම කියල නිදහස ඇවිත් අපිට කියන්නේ නැහැ ”හා දැන් වරෙල්ල උඹව අපි තෝරාගෙන තියෙන්නේ” කියල. ඒ තෝරාගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ නිදහස විසින් සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම අවකාශයක් නිර්මාණය කරලා තියනවා. ඒ වෙනුවෙන් ඇවිත් සහභාගී වෙන්න කියන එක.

එහෙම පුළුල් අවකාශයක් නැති නිසා තමයි නිදහස් පෙරහැර එක පැත්තක යද්දී අපි අපේ පෙරහැරක යන්නේ. මේ නිසා නිදහස කියන්නේ යම් විගලිත බවක්. දුරස් බවක්. අපේ නොවන බවක්.

ඒක 1948 ඉඳන්ම එහෙමයි. මේ පෙළපාලි දෙක දෙකක්. පාලකයෝ එක නිදහසක් ගැන කියනවා. අපි ඊට ගොඩක් වෙනස් වෙනත් නිදහසක් ගැන කියනවා.

කවදාහරි ඇත්ත ලාංකික නිදහසක් සහ පුනරුදයක් සිදුවෙච්ච දවසට තමයි අපිට මේ දෙක එකක් කරන්න පුළුවන් වෙන්නේ. නිදහස වෙනුවෙන් ඇත්තටම අපිට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ.

2024වත් ඒක වෙයි ද?

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!