අධිකරණයටත් යුධ ප්‍රකාශකළ ට්‍රම්ප් මීළඟ ගල ඔසවන්නේ පාප් වහන්සේට විරුද්ධව ද?

Date:

සටහන – පුලී
පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ට්‍රම්ප්ගේ නව සංක්‍රමණ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් “සමූහ වශයෙන් සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමත් සමඟ එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතින ප්‍රධාන අර්බුදය පිළිබඳව සමීපව අවබෝධයක් ලබාගත් බවත්, හෘද සාක්ෂියට අනුව විවේචනාත්මක විනිශ්චයක් කිරීමට සහ සාපරාධීත්වය ඇති සමහර සංක්‍රමණිකයන්ගේ නීතිවිරෝධී තත්ත්වය පැහැදිලිව හඳුනා ගන්නා ක්‍රියාමාර්ගයන්ට එකඟ නොවීම පිළිබඳවත්, අනාරක්ෂිත බව, හිංසා කිරීම මෙන්ම බොහෝ අයවලුන්ගේ සමස්ත පවුල්වල ගෞරවයට හානි කිරීම මඟින් ඔවුන් විශේෂිත අවදානම් සහ අනාරක්ෂිත තත්ත්වයකට පත් වී ඇති බවත්” රටේ වත්මන් සංක්‍රමණ ප්‍රතිපත්තිය සහ විශේෂයෙන් ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද සමූහ පිටුවහල් කිරීම් සම්බන්ධයෙන්, එක්සත් ජනපදයේ කතෝලික රදගුරුවරුන් වෙත ලිපියක් යවමින් අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
අවධාරණය කරති.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙබරවාරි 10 වන දින එක්සත් ජනපදයේ කතෝලික රදගුරුවරුන් වෙත යොමු කරන ලද මෙම ලිපිය මඟින් සංක්‍රමණිකයන් සහ සරණාගතයින්ට අමානුෂික ලෙස සැලකීම හෙළා දකිමින්, දයානුකම්පාව, සහයෝගීතාවය සහ මානව ගරුත්වය සැලකිල්ලට ගැනීමේ වගවීම මෙසේ පෙන්වා දෙන ලදී.

උන් වහන්සේ බයිබලය නිදසුනට ගනිමින් සංක්‍රමණයේ අත්දැකීම යේසුස් ක්‍රිස්තුස් විසින් පවා බෙදාගත් දෙයක් බවත් එහිදී පසක් කර දී තිබේ.

යේසුස්, මරියා සහ ජෝසප්, ඊජිප්තුවේ සංක්‍රමණිකයන් සහ රාජ්‍ය උදහසින් බේරීමට එහි සරණාගතයින් ලෙස ආ ගිය අයවලුන් බව පෙන්වා දුන් උන් වහන්සේ සරණාගතයින්න්ගේ සැබෑ තත්ත්වය පිළිබඳ මෙලෙස ගම්‍ය කර පෙන්වීය.

සංක්‍රමණිකයන් දුෂ්කරතාවන්ට සහ පීඩාවන්ට ගොදුරු වනවාට වඩා අපරාධකරුවන් ලෙස සලකන ප්‍රතිපත්ති අනුගමනය කර ඇති ට්‍රම්ප්ගේ පරිපාලනයේ ලක්ෂණයක් වූ සංක්‍රමණ විරෝධී ජඩ වැඩේට මෙම පණිවිඩය තියුණු ප්‍රහාරයක් වනවා නොඅනුමානය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...