සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජන බලවේගයේ රජය විසින් “ප්‍රජා ශක්ති” වැඩසටහන දියත් කර ඇත්තේ ගම්වල ප්‍රභූ පන්තිය සතු බලය නිර්ප්‍රභූ ජනතාවට ලබාදීම සඳහා බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“අපි කතා කරනවානෙ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා වචනයක්. රටේ ඉන්න හැම මනුස්සයෙක්ම ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න ඕනෙ. සම්බන්ධ වුණාට වැඩක් නෑ, ඒ අයගේ සාධාරණ පංගුව ලැබෙන්න ඕනෙ. එහෙම රටක් තවම නෑ. ඒ කියන්නෙ ගම විසින් තීරණය කරගන්නවා ගමේ ආර්ථිකය කෙසේ විය යුතුද කියලා. ඒ නිසා මේක ගමට එක්තරා ආකාරයකට බලය ලැබීමක්. ඇත්තටම මේකෙදි ලැබෙන්නෙ නැත්තෙ අර ඡන්ද කාලෙදී මට විශාල විවේචනයක් ආපු ටික විතරයි. මම කිව්වා ගමට දෙන්න ඕනෙ අධිකරණ බලය කියලා. ඒ අධිකරණ බලය හැර අනෙකුත් ක්ෂේත්‍රවල බලය මේ හරහා බොහෝ දුරට ගමට ලැබෙනව. දැන් පාලක පන්තිය වෙලා ඉන්නෙ ජනතාව නෙවෙයිනෙ, අර ප්‍රභූ තන්ත්‍රය. මුළු ගමක පාලනය පිළිබඳ ප්‍රැක්ටිස් එකක් මේක තුළින් ප්‍රජාව ලබනවා. ඒක තුළින් ප්‍රජාව පාලන තත්වයකට උසවීමක් කරන්න පුළුවන්. ඕගොල්ල දන්නවා තාමත් ඔය ගම්වල ඉන්නවා ප්‍රභූවරු කියලා වර්ගයක්. ඒගොල්ලන්ගෙ අතේ තමයි ආධිපත්‍යය තියෙන්නෙ”
කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ “ප්‍රජා ශක්ති” වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා මහනුවරදී පැවැත්වූ ජන හමුවක් අමතමිනි.

