Home පුවත් ක්‍රී​ඩා යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

0
5

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW:

ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව ජයග්‍රහණය කරන ලද තරගය මෙවර තරගවාරයේ කණ්ඩායමක් වැඩිම ලකුණු ගණනකින් කණ්ඩායමක් පරාජය කළ අවස්ථාව බවට පත් විය.එහිදී ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව ලකුණු 105 න් ජය ගැනීමට සමත් විය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 225 ද මෙවර තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේය.


ශ්‍රී ලංකාව කඩුුලු 5 ට ලකුණු 225 ක් ලබන එම ලකුණු පූවරුවට අර්ධ ශතක තුනක් එකතු විය.ඒ අතරින් මේ තරගයේදී ද පිට පිටම අර්ධ ශතක දෙකකින් ශ්‍රී ලංකාවට සිය දායකත්වය ලබා දෙමින් කුසල් මෙණ්ඩිස් ලකුණු 61 ක් රැස් කරන්නට සමත් විය.පවන් රත්නායක සමඟ තෙවන කඩුල්ලට ලකුණු 94 ක සබඳතාවයක් ලැබූ කුසල්,සිව්වන කඩුල්ලට දසුන් ශානක සමඟ ලකුණු 63 ක සබඳතාවයක් ද ලබා ගනිමින් සිය කඩුල්ල මෙන්ම ලකුණු වේගයද සුරක්ෂිත කරන අතරේ පවන්ට සහ දසුන්ට ප්‍රවේගකාරීව සිය පිත්ත හසුරුවන්නට ඉඩ සැළසීය.


තරගයේ වීරයා ලෙස ඇගයීම් ලද පවන් රත්නායක පන්දු 28 දී ලකුණු 60 ක් රැස් කළ අතර,ලකුණු 50 ක් ලැබූ දසුන් ශානක ඒ සඳහා වැය කළේ පන්දු 20 ක් පමණි.පවන් දියත් කළ පිරිපුන් ඉණිම නිසා ඔහු මේ ජයග්‍රහණයේ නිල වීරයා ද විය.


පිළිතුරු ඉණිමට මුහුණ දීම ඕමානයට පහසු වූයේ නැහැ.ආරම්භය ලබා ගත් දුෂ්මන්ත චමීර මෙන්ම මහේෂ් තීක්ෂණ ද යම් බලපෑමක් එල්ල කරමින් පන්දු යැවූ අතර පසුවට පෙළ ගැසුණු පන්දු යවන්නන් අතරින් ලකුණු ලබා නොදී පන්දු යවන්නට නොහැකි වූයේ සිය පළමු ලෝක කුසලාන තරගයට වනිඳු වෙනුවට කැඳවා තිබූ දුශාන් හේමන්තය.ඔහු එක කුඩුල්ලක් ලබා ගත්ත ද ඒ සදහා ලකුණු 45 ක් වන්දි වශයෙන් ගෙවන්නට සිඳු විය.


මහේෂ් තීක්ෂණ පන්දු ඕවර් 4 ම ලකුණු 11 ට නිමා කරමින් කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.චමීර ලකුණු 19 ට කඩුලු 2 ක් දවා ගත්ත ද,ඔහු එම ලකුණු 19 ලබා දුන්නේ පන්දුවාර දෙකකදී පමණි.ඕමානයේ මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 53 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය සඳහා වෙහෙස වීම වෙනුවට සිය අර්ධ ශතකය සපුරා ගනිමින් පරාජයේ පරතරය අඩු කර ගන්නට හොඳ දායකත්වයක් දුන්නේය.


අප තරගාවලිය ආශ්‍රිතව මුල සිටම දැරූ අදහස වූයේ මේ මොහොතේ දස්කම් අතර බොහෝ ඉදිරියෙන් නැතත්,ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් නිදා සිටින යක්ෂයන් සේ වන බවය.දුශාන් හේමන්ත අද හොඳින් පන්දු යැවීමේ නොයෙදුණ ද,ඔහු වෙනුවට පන්දු යවන්නෙක් නොවන කෙනෙකු යොදවා පන්දු ඕවර් 4 ක් කිහිප දෙනෙකු සමඟ බෙදා ගැනීමක් ගැන නම් ශ්‍රී ලංකාව කිසිසේත්ම නොසිතිය යුතුව ඇත.එසේම කමිල් මිෂාර සහ පැතුම් නිශ්ශංක තවමත් මේ තරගාවලියේදී ලකුණු අතර නැති අතර ඒ අතරින් කමිල් විස්සයි විස්ස යනු අනවශ්‍යය පරිදි හදිසිවීමක් බව සිතන අයුරු පෙනෙන්නට ඇත.ඒ අනුව ඔහු පන්දුවට අනුව පහරවල් තීරණය කිරීමේ දුර්වලතාවයක් පෙන්වන අතර ඒ වෙනුවට කුසල් ජනිත් යෙදවීමට අවශ්‍යයනම් පියවර ගත හැකිය.


අප ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම ගැන පවසමින් කළ පූර්ව ලිවීම් පහතින් දක්වා ඇත.
https://sinhala.lankanewsweb.net/02/08/248459/
https://sinhala.lankanewsweb.net/02/12/249587
ඕමානය දුර්වල කණ්ඩායමක් ලෙස සිතා මේ ලකුණු රැස් කිරීම හෝ සුවිශාල ජයග්‍රහණය සුළුවෙන් තැකීම නොකළ යුතුය.මේ ලෝකය ඉදිරිපිට විස්සයි විස්ස ආකීතිය යනු අදහාගත නොහැකි දේ සඳහා තවත් නමක් යන්න ඔප්පු වෙමින් තිබෙන මොහොතය.පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති තරගයේ ලකුණු සටහනට පිවිසෙන්නට මඟය.
https://bit.ly/40bAnk9