දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට නිසි රෙගුලාසි නොමැති වීමෙන් විශාල ගැටලුවක්

Date:

ශ්‍රී ලංකාව තුළ ළමයින් සදහා වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සදහා නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පාර්ලිමේන්තුවේදී පැවසිය. බොහෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානවල ඉහළ මිල ගණන් අයකිරීම, විශ්වසනීයත්වය නොමැතිවීම වැනි කාරණා නිසා මෙරට කාන්තාවන්ට රැකියාවකට යාම ගැටලුවක් වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අනාවරණය විය.

කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් බොහෝ පිරිසකට රැකියාවන් සදහා යොමුවීමට සිදුව ඇති බවයි.

එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ආයතනික ප්‍රතිපත්ති නොමැතිකම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සමාජයේ පවතින දැඩි සම්මතයන් සහ ස්වාමියාගේ සහය නොමැතිවීම වැනි හේතු නිසා කාන්තාවන්ට රැකියාවක නිරත වීමට බාධා පවතින බව ද මෙහිදී අනාවරණය විය.

කාරක සභාව අමතමින් වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇතුළු ළමාරක්ෂක සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව කමිටුව විසින් සොයා බලන බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් කාරක සභාව හමුවේ ඉදිරිපත් කරන ලද සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ අසාධාරණ වෙනස්කම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ද මෙහිදී සාකච්ඡාවට ගන්නා ලදී.

ඉදිරිපත් කර ඇති යෝජනා පුළුල් බැවින්, යෝජිත පනත් කෙටුම්පත සලකා බැලීම සදහා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කිරීමටද මෙහිදී තීරණය විය.

තවද, කාන්තාවන් සදහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත යන යෝජිත පනත් කෙටුම්පත්වල ප්‍රගතිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව එම පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කළහ.

තවද, 2023 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති මාලාවට අදාළ කෙටුම්පත මාර්තු 08 වන දින එළිදැක්වීමට ද මෙහිදී එකගත්වය පළ විය.

(මහාචාර්ය) ජී. එල්. පීරිස්, එරාන් වික්‍රමරත්න, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රශාන්ති, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීහු මෙන්ම අදාළ ආයතනවල නියෝජිතයන් පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...