*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව මාර්තු 10

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන මාර්තු 10 වනදාට ප්‍රකාශයට පත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.

ඒ, එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙසේ තීන්දුව ලබාදීම සඳහා නඩුව කල් තැබීමට නියම කෙරිණි.

ශෂී වීරවංශ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි ඇයගේ උපන්දිනය 1967 වසරේ බවට සඳහන්ව තිබුණු නමුත් ඇය සිය උපන්දිනය 1971 වසරේ බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර ඇත.

SM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan