*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මාස තුනක් විදුලි කප්පාදුවකට යනවාද ? තීරණය අද

පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවක් පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එම සාකච්ජාව අනුව විදුලි කප්පාදුවකට අවසර දෙනවාද?නැද්ද? යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

පසුගිය කාලය තුළ විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසම විශාල පරිශ්‍රමයක් යෙදුවත් එය ඔවුන්ගේ පාලනයෙන් ගිලිහෙන බවක් පෙනෙන්නට ඇති බවත් එසේ සිදුව ඇත්තේ මහජනතාවගෙන් මෙන්ම රජයේ ආයතන ඇතුළු පාර්ශවවලින් අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම බවද සභාපතිවරයා කියාසිටියේය.

මෙහිදී විශාල බලපෑමක් ඇතිව තිබෙන්නේ ජල විදුලිය නිෂ්පාදනයට බවයි රත්නායක මහතා පැවසුවේ.

”ජල විදුලිය නිපදවීමට අදාළව මේ වන විට ජල ධාරිතාව දිනෙන් දින අඩුවෙමින් තිබෙන අතර ඒ නිසා එම තත්ත්වයත් කළමනාකරණය කරගැනීමට සිදුවන බව ඔහු පෙන්වාදෙයි.

ඒ සඳහා මේ වන විට ගිගාවොට් 47ත් 48ත් දක්වා වැඩි වී තිබෙන දිනක විදුලි පරිභෝජනය දවසකට ගිගාවොට් පැය 40ක ධාරිතාවට අඩුකර ගැනීමට සිදුව තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව එයට සියලුම විදුලි පාරිභෝජකයින් තමන්ගේ විදුලිය පරිභෝජන අඩු කර මහජන උපයෝගීතා කොමිසමට සහ ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස රත්නායක මහතා ඉල්ලාසිටියි.

”එසේ නොවුණහොත් මහජන උපයෝගීතා කොමිසමට සිද්ධ වෙනවා ඉදිරි මාස තුන සඳහා විදුලිය කප්පාදුවකට අකමැත්තෙන් වුණත් අවසර දෙන්න. එළඹෙන ඉරිදා දින අපි ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනවා විදුලිය පරිභෝජන කළ යුත්තේ කෙසේද කියල.14 වැනිදා වෙනතුරු විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් වෙන්නේ නැහැ. මොකද හෙට අනිද්දා සති අන්තය නිසා.උසස් පෙළ දරුවන්ගේ විභාගය හෝ අවසන් වෙනතුරු එම කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න අපි මහජන සහය බලාපොරොත්තු වෙනවා.ඉදිරියේදී විදුලි කප්පාදුවකට යනවා නම් කල් ඇතිව එම කාලසටහන් ලබාදෙනවා.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan