වෙඩි වැදුණු පොලිස් සැරයන් මරුට. ගිනිඅවියත් රැගෙන පැනගිය සැකකරු අත්අඩංගුවට

Date:

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර සැකකරුවකු අත් අඩංගුවට යාමේදී සිදුවූ පොරබැදීමක් අතරතුර වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයා ඊයේ (11) රාත්‍රියේ මරුමුවට පත්ව තිබේ.

පෙරේදා (10) අළුයම බටේපොළ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබුණු අතර මෙම සැරයන්වරයා සමග පොරබැදූ සැකකරු සැරයන්වරයාගේ පිස්තෝලයත් රැගෙන පලාගොස් තිබිණි.

තුවාල ලැබූ සැරයන්වරයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මේ අතර වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු ඊයේ සවස බිංගිරිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එසේම සැරයන්වරයාට වෙඩිතැබූ පිස්තෝලය ද ගම්පහ – යාගොඩ පාරේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය