“I am a Disco Dancer” කී ගමන් ඔලුවට එන මිතුන් ගැනයි මේ ආරංචිය!

Date:

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රවීන රංගන ශිල්පී මිතුන් චක්‍රබෝර්ති ඉකුත් සෙනසුරාදා උදෑසන පපුවේ වේදනාවක් ගැන පැමිණිලි කිරීමෙන් පසු කොල්කටා හි රෝහලකට ඇතුළත් කර ඇත.

Bollywood hungama

එහිදී මිතුන්ට මොළයේ මස්තිෂ්ක රුධිර වාහිනීවල ආඝාතයක් ඇති බව හඳුනාගෙන ඇත.

“සම්මානලාභී රංගන ශිල්පී ශ්‍රී මිතුන් චක්‍රබෝර්ති (73) දකුණු ඉහළ සහ පහළ අත්පාවල දුර්වලතා පිළිබඳ පැමිණිලි සහිතව උදේ 9.40 ට පමණ කොල්කටා හි ඇපලෝ බහුවිශේෂ රෝහල් හදිසි ප්‍රතිකාර අංශයට ගෙන ආ බව” ඇපලෝ හොස්පිට්ල්ස් හි නිල ආරංචි මාර්ග දක්වයි.

මිතුන් රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ රැකවරණය යටතේ පසුවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ස්නායු-වෛද්‍යවරයෙකු, හෘද රෝග විශේෂඥයෙකු සහ ආමාශ ආන්ත්‍ර රෝග විශේෂඥයෙකු ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ඔහු මෙලෙස අධ්‍යනය කරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...