*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණයෙන් තැබෙන සළකුණු සහ නො’තැබෙන සළකුණු

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 12 කොළඹ (LNW): ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව පවත්වන එක්දින තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගත්තා.ප්‍රථම තරගයේදී ලැබූ ලකුණු 42 ක ජයග්‍රහණයෙන් ඉනික්බිති, මුහුණ දුන් දෙවන එක්දින තරගය ජයගත්තේ ලකුණු 155 කින්.තරග දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු තුන්සියය ඉක්මවා ලබා ගත් අතර මේ වන විට තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම එක්දින ඉණිම ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබා ගත් පළමු ද්විත්ව ශතකය (පැතුම් නිශ්ශංක නොදැවී 210) වාර්තා කර තිබෙනවා.


පළමු තරගෙයේදී පිළිතුරු ඉණිම ලෙස ඇෆ්ගනිස්තානය ලකුණු 339 ක් ලැබීම නිසා පැතුම් නිශ්ශංකගේ ද්විත්ව ශතකය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගය ජය ගැනීමට නොහැකි බවත්,ඇෆ්ගනිස්තානය දක්ෂ බවත් කියාපාන තත්ත්වයක් සමාජ මාධ්‍ය ඇතුළේ දකින්නට ලැබුණා.දෙවන තරගයේදී කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනෙකුම අර්ධ ශතක වාර්තා කරමින් සහ පීඩනය පාලනය කරමින් පන්දුවට පහර දීම සම්බන්ධයෙන් උදාහරණ පෙන්වමින් දෙවන වටරත් ශ්‍රී ලංකා ලකුණු පූවරුව 300 ට එහා රැඟෙන යමින් සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 155 ක ජයක් ලැබීමෙන් අනතුරුව එම බොහෝ පිරිස් ඇෆ්ගන් කණ්ඩායමට නොව ඉන්දියාවට හෝ ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයගෙන පෙන්වන ලෙස සටහන් තබමින් සිටිනවා.


සිම්බාබ්වේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පහතින් තබා ද,ඇෆ්ගන් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පහළින් තබා ද ශ්‍රී ලංකා කණ්ඩායම පහත් කර කතා කරන දේශපාලනයක් ඇතුළේ කණ්ඩායම මානසිකව වට්ටවා ශ්‍රී ලංකාවේ පරාජයෙන් තෘප්තිමත්ව,ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට අවශ්‍යය ආකාරයේ හිදැසක් සකසා ගැනීමට වෙහෙසෙන පිරිසක් මේ යාන්ත්‍රණය පිටුපස සිටිනවා.මේ මතය පොහොසත් කරන්නට දායක වන පිරිස අතර එය දන්නා සහ නොදන්නා ලෙස කොටස් දෙකක් සිටින අතර ඉන් කොටසක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් කිසිඳු දෙයක් පිළිගන්නට අවශ්‍යය නැති,ශ්‍රී ලංකාවට අවශ්‍යය පරිදි හැසිරිය හැකි බවට මුග්ධ මතයක් ගොඩ නඟාපු දේශපාලනය විසින් ඔළු හෝදා දැමූ පිරිසක්ය.


ඉතාම අඩු පිරිසක් පමණක් අයිසිසී තහනමට ශ්‍රී ලංකාවේ දේශපාලනය හේතු වූ බවට වන ඇත්ත පිළිගන්නා අතර ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හිටපු අමාත්‍යවරයා අනවශ්‍යය අන්දමට අත පෙවීම සම්බන්ධ සාක්ෂි සහ ඔහුට ලැබුණු උපදෙස් අනුව එල්ල කළ පීඩනය “අනියම් ආකාරයකින් ක්‍රීඩාවට බලපෑමක් වන්නට ඇත” යන තර්කය ගොඬ නැගෙන්නේ අඩුවෙන්ය.”ජාත්‍යන්තර සංවිධාන හොරුන්ට එකතුය.අපේ නිර්මල දේශපාලනය ඒ වෙනුවෙන් සටන් කරාය” යන හැඟීම මත සිට තවමත් වැඩ කරන්නට හුරු කළ මිනිස්සුන්ගේ හැඟීම් පෙන්වන්නේ තව දුරටත් රාජපක්ෂලා නොවෙතත්,වෙනත් අයෙකුට දේශප්‍රේමය,ජාති ආලය,ආගම ආදී කරුණු විකිණිමට ශ්‍රී ලංකාව තුළ හොඳ ඉඩක් තිබෙන බවය.


ඇෆ්ගන් කණ්ඩායමේ පරාජය සමඟ එළියට එමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ කඩතොළු හොයන පිරිස් සිටින්නේ, අයිසීසී ය සමඟ ගණුදෙනු කිරීම,එම නියාමනයට යටත්ව උපදෙස් පිළිපැදීම ආදි කරුණු දේශද්‍රෝහී ලෙස සළකා, ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ බලපෑම් සහ විධානවලට අනුව වැඩ කිරීම අභිමානවත් බව සිතන මානසික මට්ටමේය.තව දුරටත් රාජපක්ෂමය ක්‍රියාවලිය ක්‍රියාත්මක අතර ඒ තුළ රෙදි ගලවාගත් රාජපක්ෂලාට ඉඩක් නැතත් ඒ සළු අඳින්නට වෙනත් පිරිසකට ඉඩ ඇති බවත් පෙන්වන මේ චින්තන පරාසය ක්‍රිකට්මය නොවන භයානක ස්වරූපයකි.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව Unified Payment Interface (UPI) services අත්සන් තැබීමට පැය කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ලබාගත් මේ ක්‍රිකට් ජයග්‍රහණයට පසුවත් නැඟෙන සෘණාත්මක ප්‍රතිචාරවලට සාපේක්ෂව සිතන විට අදාළ Protests in Sri Lanka over Unified Payment Interface (UPI) services යථාර්තයක් කිරීමට ගෙවන්නට වූ දුර සහ කරන්නට වූ කැපකිරිම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ ආකල්පය දේශපාලන බලධාරියාගේ බලපෑමෙන් මිදී ස්වාධිනව පැවතිය යුතු බව ජනතාවට හැඟෙන්නට තව කාලයක් ගතවනු ඇත.ඒ නිසා ඇෆ්ගනිස්තානයට එරෙහිව ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අතිශයින් වැදගත් වන අතර එසේම එය සමාජයේ සළකුණු විය යුතු ආකාරයෙන් සළකුණු නොවන තැන් ද,සළකුණු නොවිය යුතු ආකාරයෙන් සළකුණු වන තැන් ද ඇති එකක් බව පැහැදිළිය.


නැවත තරගය දෙස හැරීමේදී කුසල් මෙණ්ඩිස් කාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන්න තීරණය කළ අතර කාලයකට පසු පළමු එක්දින තරගයේදී ආරම්භක පිතිකරු භූමිකාව සාර්ථක කර ගත් අවිශ්ක ප්‍රනාන්දු දෙවන තරගයේදී යළිත් හැසිරුණේ ඉතාමත් ප්‍රාථමික මට්ටමකයි.පන්දුව දැකිමේ හෝ පන්දුව පිත්තට සම්බන්ධ කර ගැනීමේ සිටම විශාල පසුබෑමක් පෙන් වූ අවිශ්ක ලකුණු 5 ක් වෙනුවෙන් පන්දු 23 ක් වැය කර දැවී ගියා.
පළමු තරගයේ ද්විත්ව ශතකයක් ලබා ගත් පැතුම් නිශ්ශංක ලකුණු 18 ට සහ අවිශ්ක ලකුණු 5 ට දැවී ගිය පසු ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 2 ට ලකුණු 36 ක් වුණා.එතැනින් කණ්ඩායම නැවත නැගීට්ටුවාලීමේ මූලික වගකීම හරියටම ඉටු කළ නායක කුසල් මෙණ්ඩිස් දවා ගැනීමට ඇෆ්ගනිස්තානයට ලැබුණු අවස්ථාව අත හැරීමෙන් ඉනික්බිති සදීර සමරවික්‍රම සමඟ තෙවන කඩුල්ලට ලකුණු 103 ක සබඳතාවයක් පැවත්වුවා.කුසල් ලකුණු 61 පන්දු 65 දී ලබා ගත් අතර සදීර ලකුණු 52 ක් පන්දු 61 දී ලබා ගන්නට සමත් වෙනවා.


එම ස්ථාවරත්වයේ හොඳම පල නෙලා දෙන්නේ ශ්‍රී ලංකාවට චරිත් අසලංක සහ ජනිත් ලියනගේ යන දෙදෙනායි.පස්වන කඩුල්ලට ඔවුන් දෙදෙනා අතර සබඳතාවය ලකුණු 111 ක් වූ අතර ජනිත් පන්දු 48 දී ලකුණු 50 ක් රැස් කිරීමෙන් අනතුරුව දැවී යනවා.තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැඳෙන චරිත් පන්දු 74 දී ලකුණු 97 ක් නොදැවී ලබා ගන්නා අතර ඔහු තරගයේ පනස්වන පන්දු ඒවරයේ දී ලබා ගන්නට අවස්ථාව හිමිවන එක ලකුණ ද මග නොහැර කණ්ඩායම ගැන සිතීම මේ තරගයේ කැපී නෛන සිදුවීමක් වුණා.ඒ නිසා ඔහුට ලකුණු 96 සිට අවසාන පන්දුවට හකරේ පහරක් එකතු කර ලකුණු 100 ලබන්නට තිබුණ අවස්ථාව මඟ හැරෙනවා.නමුත් වටිනාකම නිමක් නැති ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් ඇති හැඟීම ලබා ගත් එක ලකුණෙන් පැහැදිළි කරනවා.එම ඉණිම නිසා තරගයේ වීරයා වූ චරිත් අසලංක ශතකයට වැඩි වටිනාකමක් සිය ක්‍රිකට් ජීවිතයට එම ලකුණු 97 හරහා එකතු කර ගන්නට සමත් වෙනවා.


පිළිතුරු ඉණිමට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හානිදායක බලපෑම ඇති කරන්නට පටන් ගන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේදී කැපී පෙණුන අසිත ප්‍රනාන්දු යි.දුශ්මන්ත චමීරගේ ආබාධය නිසා කණ්ඩායම ඇතුළට පැමිණ සිටි අසිත ලකුණු 8 ට රහ්මතුල්ලා ගුර්බාස් පිටියෙන් ඉවත් කරන්නට සමත් වෙනවා.ලකුණු 31 දී සිඳුවන එම දැවී යාමෙන් අනතුරුව ඇෆ්ගන් ඉණිමේ හොඳම සබඳතාවය ලෙස තෙවන කඩුල්ලට ලකුණු 97 ක සබඳතාවයක් එකතු කරන්නට ඉබ්‍රාහීම් ෂර්දාන් (54) සහ රහ්මට් ෂා (63) සමත් වෙනවා.ඉබ්‍රාහීම් දවා ගැනීමෙන් එම සබඳතාවය බිඳ දමන්නේත් අසිතයි.


එම ක්‍රීඩකයින් දෙදෙනාට අමතරව අන් කිසිඳු පිතිකරුවෙකුට සිය නම ඉදිරියේ ලකුණු හැටියට ඉලක්කම් දෙකක ගණනක් රඳවා ගන්නට ඉඩ නොඳුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු ඕවර් 33.5 දි ලකුණු 153 ට සියල්ලන් දවා ගන්නවා.එහිදී කඩුලු දඩයමේ මුල් තැන ගන්නා වනිඳු හසරංග ලකුණු 27 ට කඩුලු 4 ක් දවා ගන්නවා.අසිතට කඩුලු දෙක වෙනුවෙන් පන්දු ඕවර් 6 තුළ ලබා දී තිබුණේ ලකුණු 23 ක් පමණයි.ඩිලාන් මධුශංක ලකුණු 28 ට කඩුල් 3 ක් ලබා ගැනීමට සමත් වෙනවා.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට → https://www.espncricinfo.com/series/sri-lanka-vs-afghanistan-2023-24-1416068/sri-lanka-vs-afghanistan-2nd-odi-1416075/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan