වසර 77කින් පස්සේ වඳුරන්ට සහ රිලවුන්ට ඇමති පදවි ලැබිලා – අපිලගෙ සාදු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මුළු රටටම විදුලි බලය බිඳවැටීමක් වැනි දෙයක් විදෙස් රටක සිදුවුණේ නම් අනිවාර්යයෙන්ම එරට විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්වෙන නමුත් ශ්‍රී ලංකාවේ එසේ නොවෙන බවත් ඒ සම්බන්ධයෙන් සැලකීමේදී පසුගිය රජයන් හා වර්තමාන රජයත් එක හා සමාන බවත් බත්තරමුල්ලේ සීලරත්න හිමි පවසයි.

“ඇතැම් අය බලය ගත්තේ ලංකාවම හදනවා කියලා. ලංකාව ස්වයංපෝෂිත කරනවා කියලා. දැන් මේ වසර 77 කින් පස්සේ වඳුරෝ සහ රිලව් ඇමති පදවි ලබලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට 1948න් පස්සේ ශ්‍රී ලංකා මාතෘභූමිය තුළ රිලව් ඇමතිවරු ඉන්නවා, වඳුරු ඇමතිවරු ඉන්නවා. කවුද, බලශක්ති. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු වශයෙන් රිලව් රංචුවක් ඉන්නවා. දැන් මේ වසර 77 කින් පස්සේ තමයි මේ වඳුරයි රිලවයි ගිහිල්ලා මුළු ලංකාවටම සියලුම ප්‍රදේශවලට විදුලිය නැති කෙරෙන්නේ. මේකෙ වගකීම බාරගන්න කිසිම කෙනෙක් නෑ. ඇතැම් ඇමතිවරු කියනවා අපි ඒක සුළු දෙයක් හැටියට සලකනවා, එවැනි දේවල් වෙන්න තිබුණා, පහුගිය රජයෙනුත් වුණා, ඇමතිවරු ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ කියලා. නමුත් විදේශ රටක නම් මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් අනිවාර්යයෙන් ඇමතිවරයා ඉල්ලා අස්වෙලා සුදුසු ආසනයකට යනවා. අපේ ශ්‍රී ලංකා මාතෘභූමියෙ පසුගිය රජයත් එකයි, වත්මන් රජයත් එකයි, ඔක්කොම ටික සෙල්ලම් කරන්නේ ජනතාවත් එක්ක”

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි මේ බව පැවසුවේ අද (පෙබරවාරි 13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...