පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW:

අද (13) දින විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිවෙකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත නොපැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය සේවාවන් ලබන 16 සඳුදා දින නැවත ආරම්භ වන අතර අද දින අයඳුම්කරුවන්ට එදින ප්‍රමුඛතාවය ලබාදෙන බව එම  නිවේදනයේ වැඩිදුරටත් පවසා ඇත.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා, 

“ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ සිදුව හදිසි තාක්ෂණික දෝෂයක් නිසා අපිට එක්දින සහ සාමන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම තත්ත්වය මේ අවස්ථාව වනවිටත් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය මෙන්ම අවශ්‍ය තාක්ෂණික කමිටුවක් විසින් මේක යථාවත් කිරීමට කටයුතු කරනවා. මේක යථාවත් බවට පත්කළ හොත් අපිට පුළුවන් ඒ මොහොතේ පටන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වීසා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. අපට ඉතා හදිසි නොවන අවස්ථාවකදී ගමන් බලපත්‍ර ලබාගැනීමට මහජනතාව පෙළ‍ඹෙන්නේ නම් ලබන සතියේ සිට මෙම කාර්යාලයට හෝ අපගේ ශාඛා කාර්යාල වෙත ගමන් කරන ලෙසට මහජනතාව දැන්වත් කරන්නේ.”

“අපගේ 1962 දුරකථන අංකය වෙබ් පිටුවට ඔබගේ අවධානය යොමුකරලා පැමිණීමේ හැකියාව තියෙනවා. අපගේ වෙබ් පිටුව තුළ නිරන්තරයෙන් අපි මේ පිළිබඳව යාවත්කාලීන කරනවා. ඔබට හැකියාව තියෙනවා අපේ දත්ත පද්ධතිය යාවත්කාලීන වුණ වහාම මෙම කාර්යාලයට පැමිණෙන්න. එසේ නොපැමිණෙන්නේ නම් 1962 දුරකථන අංකය මගින් විමසලා මහජනතාවට ඕනෑම අවස්ථාවදී කාර්යාලයට පැමිණෙන්න. එහෙම නොවන අවස්ථාවකදී ලබන සතියේදී ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණෙන්න. දත්ත පද්ධතියේ තාක්ෂණික දෝෂය සියලුම ශාඛාවලට බලපානවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...