ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා  තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරනවා – Shannon Cowlin

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW :

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය වන Shannon Cowlin මහත්මිය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඇත.

එහිදී, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්,  වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා  තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්‍යක්ෂ Shannon Cowlin මහත්මිය සඳහන් කළ බව සඳහන් වේ.

මෙහිදී, නව අධ්‍යක්ෂවරිය නිල වශයෙන් ජනාධිපතිවරයාට හඳුන්වා දීම ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සිදු කෙරිණි. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ  ඇති ආකාරය සහ ආයතනික සම්බන්ධීකරණ ක්‍රියාවලියේ පවතින ඵලදායිතාව පිළිබඳව  නියෝජිත පිරිස මෙහිදී සතුට පළ කළ බවද වාර්තා වේ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ අතර යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කෙරිණි.වත්මන් රජය යටතේ ළඟා කර ගත් ආර්ථික ප්‍රගතිය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාව වෙත දැනෙනසුලු ලෙස ගලායාමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

මධ්‍යම කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින දිගුකාලීන පාරිසරික බලපෑම්ද පැහැදිලි කරමින්, එම  පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රජාව සඳහා ස්ථිර ජීවනෝපාය මාර්ග සකස් කර දීම සඳහා වන කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ තත්ත්වවලට මුහුණ දීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගවලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහාය කෘතවේදීව පිළිගන්නා බවද පැවසූ බව වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...