නූපන් පරපුරවත් ණයකාරයන් නොවීමට දැන්වත් එකට එක්වෙමු – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වැලිමඩ එළවළු ගොවියාගේ දුක රටේම ජනතාවට දැනුනත් අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට එය තැකීමක්වත් නොකරන බවත් ඔවුන්ගේ පාලන කාලය දීර්ඝ කර ගන්න විවිධ කුමන්ත්‍රණය දියත් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙසේ අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කරමින් විවිධ කුමන්ත්‍රණ කරමින් ජනතාවගේ මුදල් මංකොල්ල කෑ සියලු දෙනාම නීතිය හමුවට ගෙන ආ යුතු බවත් හොරු ඇල්ලීමෙන් නතර නොවී හොරා කාපු සියලු මුදල් නැවතත් රටට ගෙනවිත් නූපන් පරපුර හෝ ණයකාරයෙක් නොකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (9) වැලිමඩ දී ජන හමුවකට එක් වූ අවස්ථාවේ දී ය.

එමෙන් ම මෙරට තුළ සරු අර්තාපල් අස්වැන්නක් නෙළන අවස්ථා ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමේ අරමුණින් ආණ්ඩුව විසින් පිටරටින් අර්තාපල් ගෙන්වීම සිදු කරන බවත් ඊට අමතරව 1500ට තිබූ අල පොහොර මිටිය 16000 දක්වා වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

එසේ ම නාවුක සැතපුම් 200ක අනන්‍ය ආර්ථීක කලාපයක් සහිත මුහුදක් ද හිමි අප පරිභෝජනය සඳහා මුහුදු මසුන් ආනයනය කරන බවත් මේ වන තුරු නීල ආර්ථිකය තුළින් දියුණු වීමට නොහැකි වී ඇති බවත් ගොවි සම්පත මෙන්ම මහ මුහුදේ ඇති සම්පත් ද තිරසර ලෙස ස්වයංපෝෂිත විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහේ දී පෙන්වා දුන්නේය.

සැබවින්ම රටට අවශ්‍ය ගොවියා රකින, රට සංවර්ධනය කරන, අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන නව තාක්ෂණයට මුල් තැන දෙන, නූතන අධ්‍යාපන ක්‍රමයක් තුළින් රට ගොඩනගන පාලනයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...