Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ගෑස්වලින් උයද්දී ඩොලර් තමා පිච්චෙන්නෙ. අපි ආපහු දර කුස්සියට යන්න ඕනෙ – සනත් නිශාන්ත (VIDEO)

රටට අවශ්‍ය ගෑස් ආනයනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින් ගෘහණියන් යළි දර ලිප් භාවිතයට හුරුවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවධාරණය කරයි.

“අද මේ වෙනකොට කෙටියෙන් කියනවා නම් අපට ආනයන කරගන්න බැරි තත්වයකට රට නිර්මාණය වෙලා තියෙනවා. මම දැන් මේ මන්ත්‍රීකම්, ඇමතිකම් කරන 24 වෙනි අවුරුද්ද. මේ කතා කරන මොහොත වෙනකොටත් අපේ ගෙදර තවමත් දර කුස්සියේ තමයි ලිප පත්තු වෙන්නෙ.

මම ආසන සංවිධායකවරයා හැටියට කටයුතු කරන ආණමඩුවේ ගත්තාම ආණමඩුවේ ඕනෙ තරම් දර තියෙනවා. නවගත්තේගම, කරුවලගස්වැව, වනාතවිල්ලුව, එව්වාගෙත් සමහර උදවිය උයන්නෙ ගෑස්වලින්, දර කෑල්ල කුස්සියෙන් ගන්න පුළුවන්කම තියෙද්දී. හැබැයි මේ පිච්චෙන හැන ගිනි පුළිඟුවක් හරහා ම අපේ රටේ ඩොලර්ස් තමා පිච්චිලා පිට රටට යන්නෙ. ඒක තමා මම යෝජනා කළේ අපට දැලි කුස්සිය හදාගන්න පුළුවන් නම් හොඳයි කියලා”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරියපොල කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.