අපේ මාසෙක වැටුප කියන්නෙ ලොකු ලොකු අයගෙ දවසෙ වැටුප වගේ, වැටුප් ලේඛන ප්‍රසිද්ධ කරලා බලා ගනිමු !

Date:

හෙද, පරිපූරක, අතුරුවෛද්‍ය ඇතුළු සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෘත්තිකයන්ගේ වැටුප් සහ අතිකාල ඇතුළු වෙනත් දීමනා සම්බන්ධයෙන් තොරතුරු පුවත්පත් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.

ඔහු පවසන්නේ පසුගිය කොවිඩ් වසංගත සමයේදී සියලු දුෂ්කරතා විඳිමින් දීමනා හෝ නොමැතිව දිවා රෑ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම සදාචාර සම්පන්න නොවන බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අතිකාල පිළිබඳව ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ට හිමි අතිකාල දීමනා නිසි පරිදි ලැබෙන්නේද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සොයා බැලිය යුතු බවද ඔහු පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය වැටුපද වැය කරමින් ජනතාව වෙනුවෙන් සේවය කරන බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ එය ‘අතින් කාලා හරක් බැලීමක්’ වැනි බවයි.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් හා අතිකාල ඇතුළු වෙනත් දීමනා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ, අතිරේක ලේකම්වරුන්ගේ වැටුප් වාර්තාද ප්‍රසිද්ධ කිරීමට තම සංගමය සූදානම් බව උපුල් රෝහණ මහතා සඳහන් කරනවා. එවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාසයක් තුළදී ලබා ගන්නා අතිකාල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් එක් දිනකදී ලබා ගන්නා ආකාරය ජනතාවට දැනගත හැකි බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...