මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව පකිස්ථාන වැඩ වර්ජන හා විරෝධතා

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ පෙබරවාරි 8 පැවති මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ ඡන්ද මංකොල්ලකෑම් හා විකෘති කිරීම් මෙන්ම මීළඟ ආන්ඩුව පිහිටුවීම වෙනුවෙන් නවාස් ෂරිෆ් හා බිලවල් බුතො සර්දාරි සන්ධානගත වීමත් සමඟ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය සහ එහි අනුබද්ධ ආයතන මහා මාර්ග අවහිර කර, විරෝධතා ආරම්භ කරමින් වැඩ වර්ජන දියත් කර ඇති බව වාර්තා වේ.

ජන්ද ගණන් කිරීම්වලින් ආසන 101 ඉම්රාන් ඛාන්ගේ පක්ෂයත් ආසන 75ක් නවාස් ශරිෆ්ගේ පක්ෂයත්, තවත් ආසන 54ක් බිලවල් බුතො සර්දාරි පක්ෂයත් දිනා ගැනීමත් සමඟ කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබීම නිසා රටේ මීළඟ අගමැතිවරයා තෝරා ගන්නා සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සංකීර්ණ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

නීතිවිරෝධී රැස්වීම්වලට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කරන බවට පොලිසිය මීට පෙර අනතුරු අඟවා තිබූ අතර මහජන රැස්වීම් තහනම් කිරීමේ යටතේ පුද්ගලයන් හතර දෙනෙකුට වඩා රැස්වීම තහනම් කිරීමට බලය ඇති විජිත යුගයේ නීතියක් වන 144 වගන්ති නියෝගයන් ක්‍රියාත්මක වන බවයි පකිස්ථාන මාධ්‍ය සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...