මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව පකිස්ථාන වැඩ වර්ජන හා විරෝධතා

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ පෙබරවාරි 8 පැවති මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ ඡන්ද මංකොල්ලකෑම් හා විකෘති කිරීම් මෙන්ම මීළඟ ආන්ඩුව පිහිටුවීම වෙනුවෙන් නවාස් ෂරිෆ් හා බිලවල් බුතො සර්දාරි සන්ධානගත වීමත් සමඟ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය සහ එහි අනුබද්ධ ආයතන මහා මාර්ග අවහිර කර, විරෝධතා ආරම්භ කරමින් වැඩ වර්ජන දියත් කර ඇති බව වාර්තා වේ.

ජන්ද ගණන් කිරීම්වලින් ආසන 101 ඉම්රාන් ඛාන්ගේ පක්ෂයත් ආසන 75ක් නවාස් ශරිෆ්ගේ පක්ෂයත්, තවත් ආසන 54ක් බිලවල් බුතො සර්දාරි පක්ෂයත් දිනා ගැනීමත් සමඟ කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබීම නිසා රටේ මීළඟ අගමැතිවරයා තෝරා ගන්නා සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සංකීර්ණ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

නීතිවිරෝධී රැස්වීම්වලට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කරන බවට පොලිසිය මීට පෙර අනතුරු අඟවා තිබූ අතර මහජන රැස්වීම් තහනම් කිරීමේ යටතේ පුද්ගලයන් හතර දෙනෙකුට වඩා රැස්වීම තහනම් කිරීමට බලය ඇති විජිත යුගයේ නීතියක් වන 144 වගන්ති නියෝගයන් ක්‍රියාත්මක වන බවයි පකිස්ථාන මාධ්‍ය සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...