*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

භෝග වෙනුවෙන් සහතික මිලක් ඉල්ලා ඉන්දියාවේ ගොවි විරෝධය නැවතත්

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : භෝග සඳහා සහතික මිලක් ඉල්ලා(MSP) ගොවීන් දහස් ගණනක් දිල්ලි අගනුවරට පා ගමනින් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

දිල්ලි, හර්යානා, උත්තර ප්‍රදේශ් වලින් සම්බන්ධ වන ගොවි සංගම් 200කට අධික පිරිසක් දිල්ලියට එමින් සිටින බව වාර්තා වන අතර මේ වන විට බලධාරීන් අගනුවරට විරෝධතාකරුවන්ට ඇතුළුවීම වැළැක්වීම සඳහා බාධක යොදවා ඇත.

2020 කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගොවීන් දිල්ලියේ කඳවුරු බැඳීමෙන් පසුව නැවතවරක් සිය ප්‍රධාන ඉල්ලීම් තවමත් ඉටු වී නැති බව පවසමින් ගොවීන් පාරට බස ඇති අතර මෙම ව්‍යාපාරය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට විශාලතම අභියෝගයක් ලෙස සැලකේ. ගොවි සමිති පෙබරවාරි 16 වැනි දින ග්‍රාමීය වැඩ වර්ජනයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලය තුළ කෘෂිකාර්මික කටයුතු සිදු නොකෙරේ. ගොවීන් රට පුරා ප්‍රධාන මාර්ග අවහිර කරන අතර සියලුම ගම්වල වෙළඳසැල්, වෙලඳපොලවල් සහ කාර්යාල වසා දමනු ඇත.

ගොවි වෘත්තීය සමිති නායකයින් සහ ෆෙඩරල් ඇමතිවරුන් අතර සාකච්ජා වට දෙකක් පැවතියද ඒවා අසාර්ථක වී ඇති අතර ගොවියන් මෙහිදී ඉල්ලා සිටින්නේ සහතික කළ අවම සාධාරණ මිලක්(MSP) ලබා දී මැතිවරණ සමයේ ගොවීන්ගේ ආදායම දෙගුණ කරන බවට රජය දුන් පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලා සිටිති.

ගොවීන් ඉන්දියාවේ වඩාත්ම බලගතු ඡන්ද සමූහයක් වන අතර විද්වතුන් පවසන්නේ මැතිවරණයට පෙර ඔවුන්ව රැකගැනීමට රජය උත්සාහ කළ යුතු බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan