ට්‍රම්ප් ඉන්දියාව සමඟ නව බලශක්ති ගනුදෙනුවක් ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වෙළඳාම සහ ආරක්ෂාව පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ධවල මන්දිරයට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ජනාධිපති ට්‍රම්ප් දෙරට අතර නව බලශක්ති ගනුදෙනුවක් ප්‍රක්ෂයට පත් කර ඇති බව වාර්තා වේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පරණ මිතුරා වන නරේන්ද්‍ර මොදී උත්කර්ෂයෙන් පිළිගෙන තිබුණු අතර සාකච්චා වලින් අනතුරුව ඒකාබද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබුණේ, ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිත භාවය සහතික කිරීම සඳහා අප තෙල් හා ගෑස් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කළ බවත්, එක්සත් ජනපදය ඉන්දියාවට මිලිටරි දෘඩාංග අලෙවිය ඩොලර් මිලියන ගණනකින් වැඩි කරන බවත්, අවසානයේ දිල්ලි වෙත F-35 ප්‍රහාරක ජෙට් යානා සපයන බවත්,ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කිරීම,කෘතිම බුද්ධිය වැනි තාක්‍ෂණයන් පිළිබඳ ඒකාබද්ධ නිෂ්පාදනයක් ආරම්භ කිරීම ආදී කරුණු රැසක් සම්බන්ධව ඉතා සර්ථක සාකච්චා පැවැත්වූ බවත්ය.

එක්සත් ජනපදය හා ඉන්දියාව අතර ඩොලර් බිලියන 45.6 ක වෙළඳ ගනුදෙනුවක් ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වමින් අගමැති මොදී සඳහන් කර තිබුණේ, 2030 වන විට වොෂින්ටනය සමඟ වෙළඳාම දෙගුණ කිරීමට දිල්ලියට අවශ්‍ය බවයි. මෙහිදී විශේෂයෙන්ම නායකයින් විසින් ද සාකච්ඡා කරන ලද න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ දිගුකාලීන සැලසුම් මෙවන් විට කාගේත් සාකච්චාවට ලක්ව ඇත.

ඉන් අනතුරුව අගමැති මොදී සමඟ සාකච්චා කළ ට්‍රම්ප් මිත්‍රයෙකු වන එලොන් මස්ක් සමඟ පැවති හමුවකදී අභ්‍යවකාශය, තාක්ෂණය සහ නවෝත්පාදන පිළිබඳව ද සාකච්ඡා කළ බව ඉන්දීය අගමැතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...