ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ස්ටන්ගෙන් දවසක් ඇතුළත ලෝක වාර්තා දෙකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 14,(LNW)කොළඹ :

මීටර් 1500 ඉසව්වේ දෙවරක්ම ඔලිම්පික් රන් පදක්කමට උරුමකම් කී නෝර්වේ ජාතික ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ස්ටන් ප්‍රංශයේ Arena Stade Couvert, Liévin හී පැවති ජාත්‍යන්තර ගෘහස්ථ ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා උළෙලකදි එක් දිනක් තුළ නව ලෝක වාර්තා දෙකක් තැබීමට සමත් වුණා.ඒ අතර විශේෂත්වය වන්නේ මීට දින පහතට පෙර නිව්යෝර්ක් ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ දී ඇමෙරිකාවේ යාරේඩ් නුගුස් විසින් තැබූ ගෘහස්ත සැතපුම ඉසව්වේ වාර්තාව ද බිඳ දැමීමට ජාකොබ් සමත් වීමයි.


නුගුස් විසින් මීය දින පහකට පෙර සැතපුමේ ලෝක වාර්තාව තබමින් විනාඩි 3:46.63 නන් එම දුර තරණය කළ අතර ඊයේ (13) ජාකොබ් එම දුර විනාඩි 3:45.14 න් එම දුර ධාවනය කර නව වාර්තාව තැබීමට සමත් විය.
ගෘහස්ත මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් පැවති ලෝක වාර්තාව වූයේ විනාඩි 3:30.60 කි.එය ද ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ස්ටන් සතු එකකි.ජාකොබ් ඔහුගේ නව වාර්තාව බවට පත් කර ගත්තේ විනාඩි 3:29.63 කි.
එකම දිනයක පැය ගණනක් ඇතුළත ලෝක වාර්තා දෙකක හිමිකරු වූ ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ස්ටන්,ඒ සම්බන්ධයෙන් තමන් විශ්මයට පත්වන බව කීවේය.“මට ඉතා සතුටුයි.එය දුෂ්කර වැඩක්,මුළු තරගය සඳහාම අවධානය යොමු කළ විට ඒ වටිනාකම ලැබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...